යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා ගොනු කෙරේ

0
9


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවුණා. 

විත්තිකරුවන්  රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද එහිදී නියම කෙරුණා.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 30 වනදා පැවැත්වීමටයි අධිකරණය නියම කළේ. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here