රෂිකා හෙන්නායක මාර්තු 03, කොළඹ LNW :
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ල වී ඇත.
මේ හේතුවෙන් අද (03) සහ හෙට (04) දිනයන් තුළ ක්‍රියාත්මක වීමට තිබූ ගුවන් ගමන් වාර 60කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවෙන් පිටත්වන සහ මෙරටට පැමිණෙන යානාවලට අමතරව එම කලාපය හරහා ගමන් ගන්නා ගුවන් වාර ද මෙලෙස තාවකාලිකව නතර කර ඇත.
සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව මෙම තීරණය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති අතර, දැනට පියාසර කරනුයේ ඉතා සීමිත යානා සංඛ්‍යාවක් පමණි.
පවතින අවදානම් තත්ත්වය සලකා බලා ගුවන් ගමන් කාලසටහන්වල සිදු කර ඇති මෙම වෙනස්කම් පිළිබඳව මගීන් දැනුවත් විය යුතු බව අදාළ නිලධාරීහු අවධාරණය කරති.



The post යුදමය නොසන්සුන්තාව නිසා මෙරට ගුවන් මෙහෙයුම්වලටත් දැඩි බලපෑම්! appeared first on LNW Sinhala.
Saru News
















