මෝදි හා මස්ක් අතර දූරකථන සංවාදයක්

0
11


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි X සමාගමේ හිමිකරු ඉලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව දූරකථන මාර්ගයෙන් සිදු ව ඇති බවයි මෝදි සිය X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ.

මෙම වර්ෂය මුල දී අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි දී පැවති රැස්වීමේ දී සාකච්ඡා කෙරුණු මාතෘකා පිළිබඳ ව යළිත් දූරකථනය ඔස්සේ ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රවල සහයෝගීතාවය සඳහා ඇති අතිමහත් විභවය පිළිබඳ ව සාකච්ඡා කළ බවයි මෝදි කියා සිටියේ.

මෙම ක්ෂේත්‍රවල දී අමෙරිකාව සමග පවතින ඉන්දීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට තමන් කැපවන බව ද මෝදි සඳහන් කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here