මෝදි එද්දි මෙරට රථ වාහන ධාවනය ගැන විශේෂ සැලැස්මක්

0
11


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

අනිද්දා (04) දින මෝදි අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිනෙන අතර එදින පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයක දී වසා දැමීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොපටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ග වසා තැබීම ගැන අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසටත් දැනුම්දී තිබෙනවා.

අප්‍රේල් මස 05 වැනි දින ගාලු මුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයන් හි මාර්ග අවස්ථා කිහිපයක දී වස තැබීමට කටයුතු කරනු ඇති.

මෙම කාලසීමාව තුළ දී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාව අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිත කිරීමට යොමු කිරීමට පොලිස් රථවාහන නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here