මොනවා කළත් බර අඩු වෙන්නෙම නැතිද? එහෙනම් මේ දේවල් අදම පටන් ගන්න.

0
13


පුංචි කතාවක් කියලා ම මම ලිපිය පටන් ගන්නම් .
තිස් දෙහැවිරිදි මිහිරිගේ බර කිලෝ ග්‍රෑම් 85ක්. මිහිරි තමන්ගෙ බර අඩු කරගන්න නොකළ දෙයක් නැති තරම්.ඩයට් ප්ලෑන්,ජිම්,යෝගා මේ සියලුම දේ කලත් මිහිරි ගේ ශරීරය නම් තිබුණු විදියට ම තිබුණා.එහෙම වුනේ ඇයි?

සමහරවිට මේ ලිපිය කියවන ඔබට හෝ සමීපතමයකුට මිහිරිට වැනි අත්දැකීම් කොතෙකුත් ඇති.ඒ නිසා ඔබට මඟ හැරුණේ කුමක්ද කියල බලන්න නම් මේ ලිපිය බොහොම සීරුවට කියවන්න වේවි.එහෙම නේද ?

මේ කාරණය ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීම සම්බන්ධයෙන් සෑහෙන බලපෑමක් කරනවා. උදෑසන ඔබ ගන්නා ආහාරය ඔබ ඒ දවසේ ම ගන්නා ආහාර වලට බලපෑම් කිරීමට සමත් බව ඔබ දන්නවා ද ? ඉතින් අපි යෝජනා කරන්නේ ඔබ ට High protein breakfast ප්‍රෝටීන් වලින් මනාව පොහොසත් ආහාරවේලක් තෝරගන්නා ලෙසයි. ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ලබා ගන්නා නිසා ඉතාමත් ඉක්මනින් විටින් විට බඩගිනි වීම සිදු වන්නේ නැහැ.ඒ වගේම ශරීරයට කාබෝහයිඩ්‍රේට් සහ මේද එමගින් ලැබෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ නිසා පිටි සහිත ආහාර වේලක් වෙනුවට ප්‍රෝටීන්වලින් පිරිපුන් ආහාර වේලක් ලබා ගැනීම හරිම වැදගත්.

උදෑසන අවදි වූ විගස ම වතුර වීදුරුවක් හෝ වීදුරු දෙකක් අනිවාර්යයෙන්ම බීමත් හරිම වැදගත්. ශරීර බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියේදී  වතුර කියන්නේ අත්‍යවශ්‍යයෙන්ම වටිනා කාර්යභාරයක් ඉටු කරන පානයක්.ඒ වගේම මතක තබා ගත යුතු අනිත් කාරණාව තමයි සීනි අධික පැණි බීම,කිරි තේ ආදියෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටිය යුතු බව.

ඔයා මොනවද ඇත්තටම මේ කිරන්නෙ? ඇත්තටම ඔබ ගන්නා සෑම ආහාර වේලකම අඩංගු කැලරි ප්‍රමාණය ගැන ඔබ දැන ගත යුතුමයි.තමන්ගේ උස සහ බර අනුව ලබා ගත යුතු කැලරි ප්‍රමාණය මුලින් ගත යුතුයි .බර අඩුකර ගැනීමට අවශ්‍ය නම් ඊට වඩා අඩු කැලරි ප්‍රමාණයක් තමා අප ආහාරයට ගන්නේ.උදාහරණයක් විදිහට විදියට ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවය කැලරි 2000ක් නම් ඔබ ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය 1600ක් විය යුතුයි.

ප්‍රෝටීන් ග්‍රෑම් 1 ක් = කැලරි 4
මේදය ග්‍රෑම් 1 ක්  = කැලරි  9
කාබෝහයිඩ්‍රේට්  ග්‍රෑම් 1=කැලරි 4

උදාහරණයක් විදියට chicken breast 100g ක ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් තියෙනවා .එතකොට කැලරි බලන්න ඒක හතරෙන් වැඩි කරගන්න ඕනි.
මේ විදිය හිතන තරම් අමාරු නැහැ.ගණනය කිරීම් ටික මුලින්ම කරගත්තම ඊට පස්සෙ කෑමක් අතට ගන්න කොටම ඔයා දන්නවා අඩංගු කැලරි ප්‍රමාණය කීයක් ද කියල.

දැන් අපි දන්නවා කෑම කියන්නේ නිකම්ම බඩ පිරෙන දෙයක් විතරක් නෙවෙයි කියල.ඉතින් දෛනික කැලරි අවශ්‍යතාවය අනුව ඊට වඩා අඩුවෙන් කැලරි ලැබෙන ඒ විදියට මෙයින් ප්ලෑන් කිහිපයක් සකස් කර ගන්න.එය විවිධ රසයෙන් නමුත් නියමිත කැලරි ප්‍රමාණය අනුව සකසා ගන්නට අමතක කරන්න එපා.MyFitness Pal,Easy diet diary,my net diary වගේ free download කරගන්න පුළුවන් App එකක් ඩවුන් ලෝඩ් කරගන්න .එතකොට වැඩේ තවත් පහසුයි.

ඔබ අධික බරක සිටින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ව්‍යායාම උපදේශකයකුගේ සේවය ලබා ගැනීම වඩාත්ම සුදුසුයි.හැබැයි ඒ සමග ඉහත ක්‍රමවේදය න් සියල්ලම අනුගමනය කිරීම හරිම වැදගත්.

ශරීරයේ බර,ගන්නා ආහාර,බර අඩුවෙන ප්‍රමාණය සටහන් ප්‍රස්තාරයක් අනිවාර්යයෙන්ම නිරෝගීව බර අඩුකරගැනීමේ ක්‍රියාවලිය ට අවශ්‍යම වෙනවා

Hiit workout  කියන්නේ High intensity interval traning කියන එක.එයින් වාසි රැසක් සිරුරට ලැබෙනවා.

1.අඩු කාලයකදී කැලරි වැඩියෙන් දහනය කිරීම .
2.පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය ඉහළ යාම.
3.වේගයෙන් fat  දහනය වීම.
4.blood pressure එක අඩු කිරීම

ඉතින් දැන් ඔබ දන්නවා වැරදුනු හෝ මග හැරුණු තැන් මොනවද කියල.එහෙනම් දැන් දැනගෙනම  පටන් ගමු.සාර්ථක මෙහෙයුමක් වෙනුවෙන් අපෙන් සුබ පැතුම්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here