මොටෝරියකට අනවසරයෙන් රිංගා දැරියක් හා මවක් බිය ගැන්වූ සැකකරු අත්අඩංගුවට

0
7


මැයි මස 02 වැනි දින කුරුඳුවත්ත පොලිස් වසමේ මල්පාර ප්‍රදේශයේ දී කාර් රථයකට නාඳුනන පුද්ගලයෙකු අයුතු ලෙස ඇතුල් වී වයස අවුරුදු 08ක දැරියක් තල්ලු කරමින් තර්ජ්නය කර බියට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ එම සිද්ධියට සම්බන්ධ සැකකරු අද (07) දින කුරුඳුවත්ත පොලිසිය විසින් කොළොන්නාව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගන්නා ලද බවයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි කොලොන්නාව – වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දැරියගේ මව තම දැරිය පාසල නිමවීමෙන් පසුව නිවසට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් පැමිණ දියණිය පිටුපස අසුනෙහි වාඩිකර මෝටර් රථයට පිටුපසින් ගොස් රියදුරු අසුනෙහි වාඩිවන අවස්ථාවේ දී පසුපස ආසනයේ සිටි නාඳුනන පුද්ගලයෙකු තම දැරිය තල්ලු කර තර්ජනය කරමින් බියට පත් කර ඇති බවට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේ දී දැරියගේ මව දැරිය ද රැගෙන කාර් රථයෙන් පිටතට පැමිණ කෑ ගසා උදව් ඉල්ලා ඇති බවටත් සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වුණා.

මෙම සැකකරු සිද්ධියෙන් පසුව පලා ගොස් සිට ඇති අතර සැකකරු විසින් පෞද්ගලික කුලී රථ සේවයක මෝටර් රථයක් උපයෝගී කරගෙන පිටව ගොස් ඇති බවට තොරතුරු හෙළිවීමෙන් පසු ඒ ඔස්සේ දීර්ඝ විමර්ශන සිදු කරමින් ඔහුව අද දිනයේ දී අත් අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here