සෞඛ්‍යය කෙරෙහි මනා අවධානයකින් සිටින ඔබට, මෙන්ම ඔබේ පවුලේ අයට හෘදය සම්බන්ධ කටයුතුවලදී භාවිතාකරන පරීක්ෂණ පිලිබඳ ඇති දැනුවත් බව ඉතාමත්ම වැදගත් වනවා. පපුවේ යම් වේදනාවක් දැනෙන විට බොහෝ දෙනා බියවන්නේ එය හෘදය ආශ්‍රිත රෝගයක්ද කියල. එහිදී ඔසු ලබා දෙන්නේ රෝගය කුමක්ද කියා හඳුනා ගන්නා පරීක්ශන කිහිපයකට පසුවයි. මූලික ප්‍රතිකාර වලදී යම් සැක සහිත තත්වයක් තිබේ නම් මේ පරීක්ෂණය සඳහා යොමුකරනු ලබනවා. හෘද නාල අවහිරතාවයක් හඳුනාගැනීමට මේ පරීක්ෂණය ඉතාමත්ම වැදගත් වනවා.
මේ පරීක්ෂණය කරන්නේ රෝගියාගේ අතෙන් හෝ පාදයෙන්. අතට හෝ පාදයට සුලු කැපුමක් යොදා හර්ද නාළ වලට කැතීටරයක් මගින් ඩයි වර්ගයක් ඇතුලුකර එමගින් අවහිර වූ නාල සොයාගැනීම කරනවා. මෙම ඩයි යවන්නේ රතු රුධිරාණු හරහා. එසේ රතු රුධිරාණු හරහා යවන විට ඩයි වර්ගයේ පාට වෙනස් වෙනවා. ඉන් අවහිරතාවය පැහැදිළි වෙනවා. මේ සඳහා භාවිතා කරන ඩයි වර්ග රාශියක් තිබෙනවා. මෙහිදී වකුගඩු වලට අහිතකර නොවන ඩයි වර්ගයක් තෝරා ගත යුතුයි. එය වෛද්‍යවරුන් විසින් සිදු කරනවා. ඒ නිසා ඒ ගැන බියවිය යුතු වෙන්නේ නැහැ. ඩයි වර්ගයක් යවන්නට වෙන්නේ අවහිරතාවය හඳුනාගැනීමට වන අතර එහි ප්‍රතිපල අනුව රෝගියාට අවශ්‍ය ප්‍රතිකාරය කුමක්ද කියා තීරණය කරනවා. ඒ අනුව බයිපාස් සැත්කමක් අවශ්‍යද හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරය සුදුසු ද හෝ ඔසු මගින් සුව කරගත හැකිද යන්න තීරනය වනවා.
– චම්මි –
Saru FM Media