අද වන විට නිතර නිතර අසන්නට ලැබෙන මේ PCOS ලෙස හඳුන්වන තත්ත්වය පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත් යැයි හැඟුණේ මේ පිළිබඳව දැනුවත් බව නොමැතිකම හේතුවෙන් ඇතැම් කාන්තාවන් බොහෝ සෙයින් අපහසුතාවයට පත්ව සිටින නිසාය. මෙය රෝගයක් ලෙසම නම් කළ නොහැකි වුවත් අද වන විට මේ තත්ත්වයට මුහුණ දෙන කාන්තාවන් ඉන්සියුලීන් ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව කියවේ. එනම් දරුවන් ලැබිය හැකි වයසේ පසුවන (අවුරුදු 15 – 44) කාන්තාවන් අතර බහුලව පවතින හෝමෝන අසාමාන්‍යතාවයක් නිසා ඇතිවන තත්ත්වයකි. මෙහිදී දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවයි. මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස ජානමය තත්ත්වයන් ද තවත් හේතු ලෙස නිසි ආහාරපාන රටාවක් නොතිබීම මෙන්ම නිසි ලෙස ව්‍යායාමවල නොයෙදීමත් දැක්විය හැකිය.
PCOS තත්ත්වයේදී කාන්තාවන්ගේ සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩිපුර පුරුෂ හෝමෝන ශ‍්‍රාවය වේ. මෙම හෝමෝන අසමතුලිතතාවය ආර්තව චක‍්‍රය අක‍්‍රමවත් කරවන අතර ගර්භනීවීමද තරමක් දුෂ්කර වේ. මෙම රෝග තත්ත්වයේදී බලපෑම් ඇතිවන ඉන්‍ද්‍රිය වන්නේ ඩිම්බකෝෂ වේ. සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂ මගින් ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන නිපදවයි. මෙම හෝමෝන මගින් ආර්තව චක‍්‍රය පාලනය කරන අතර ඩිම්බ කෝෂ මගින් ඉතා සුළු ප‍්‍රමාණයක් Androgen වන පුරුෂ හෝමෝනය ශ‍්‍රාවය වේ.
ඩිම්බ කෝෂ මගින් පිරිමි ජන්මානු වන ශුකාණු හා සංසේචනය සඳහා ඩිම්බ නිපදවයි. මසකට වරක් ඩිම්බ කෝෂ දෙකෙන් මාරුවෙන් මාරුවට ඩිම්බයක් මුදාහරී. මෙය ඩිම්බනීහරණය (Ovulation) ලෙස හඳුන්වයි. පිටියුටරි ග‍්‍රන්ථිය මගින් නිෂ්පාදනය කරන කූප උත්තේජනය හෝමෝනය (FSH – Follicle Stimulating Hormone) හා ලූටෙයිනීකාරක හෝමෝනය (LH – Lutinizing Hormone) මගින් ඩිම්බනීහරණය පාලනය කරයි. FSH මගින් ඩිම්බ කෝෂයේ කූපයක් උත්තේජනය කර ඩිම්බය සහිත කූපය සාදන අතර LH හෝමෝනය මගින් මේරූ ඩිම්බය ඩිම්බ කෝෂයෙන් නිදහස් කිරීමට උදව් කරයි.
PCOS යනු, ලක්‍ෂණ කිහිපයක එකතුවක් වන අතර එය ඩිම්බනීහරණයට බලපායි.
මෙහි ප‍්‍රධාන ලක්‍ෂණ 3 කි.
ඉතා කුඩා තරලය පිරුණු ”මසිනි – SAC” වැනි ව්‍යුහයක් ඩිම්බ කෝෂය තුළ ඇතිවන අතර මේ නිසා මේවා Polycystic (බොහෝ ගෙඩි ඇති) යනුවෙන් හඳුන්වයි. මෙම මසිනි වැනි කූපයන් තුළ නොමේරූ ඩිම්බයක් පවතී. මේවා ඩිම්බ, ඩිම්බහරණීය වීමට තරම් මෝරන්නේ නැත. ඊස්ට‍්‍රජන්, ප්‍රොජෙස්ටෙරෝන්, FSH, LH ආදි හෝමෝනයන් රුධිරයේ පැවතිය යුතු මට්ටමට වඩා අඩු අගයක පවතින නිසා ඩිම්බනීහරණයේ අක‍්‍රමවත්භාවයන් ඇති කරයි. එසේම පුරුෂ හෝමෝනය (Androgen) ශ‍්‍රාවය වන පිරිමි හෝමෝනය මගින් ආර්තව චක‍්‍රයට බාධා ඇති කරයි. PCOS ඇති කාන්තාවන්ට ඇති වන ආර්තව චක‍්‍රයේ රුධිර වහනය සාමාන්‍ය කාන්තාවන්ට වඩා අඩුය.
PCOS ඇති වීමට හේතූ
මේ සඳහා නිවැරදි හේතුවක් නොදන්නා නමුත් අධික මට්ටමකින් යුතුව ශ‍්‍රාවය වන පිරිමි හෝමෝන මගින් ඩිම්බ කෝෂවල හෝමෝන නිෂ්පාදනය වළක්වන අතර සාමාන්‍යයෙන් ඩිම්බ සෑදීමද වළක්වන බවට විශ්වාස කෙරේ.
PCOS ඇති විට පෙන්නුම් කරන ලක්‍ෂණ
සමහර කාන්තාවන්ට මෙම ලක්‍ෂණ පළමු ආර්තව චක‍්‍රයන් සමග ඇති වන අතර තවත් සමහර කාන්තාවන්ට බර වැඩිවීම හා ගර්භනී වීම අපහසු වූ විට ඇති වේ.
ඩිම්බ මුදාහැරීම අඩුවෙන් සිදුවන නිසා සෑම මසකම ගර්භාෂ ආස්තරණය වීම වැළැක්වීම හෝ අඩුවෙන් ආස්තරණය කිරීම සිදු කරයි. මේ නිසා සමහර කාන්තාවන්ට අවුරුද්දකට ඔසප් චක‍්‍ර 8 කට වඩා ඇති නොවන අතර තවත් සමහරුන්ට ඔසප් චක‍්‍රය ඇති නොවේ.
2.අධික රුධිරවහනය – Heavy Bleeding
දීර්ඝ කාලයක් ගෙන ගර්භාෂ ආස්තරණය සාදන නිසා ඔසප් වීම ඇති වූ විට රුධිරවහනය වැඩි වේ.
3. රෝම ඇතිවීම – Hair Growth
කාන්තාවන්ගෙන් 70% කට මෙම රෝගයේදී මුහුණේ, ශරීරයේ රෝම ඇති වේ. පිටුපස, බඩ, පපුව ආදී ස්ථාන වල මෙසේ අධික ලෙස රෝම ඇති වේ. (Hirsuitm)
4. කුරුලෑ ඇතිවීම – Acne
පිරිමි හෝමෝන මගින් සමේ තෙල් ගතිය වැඩි කරවන අතර මේ හේතුවෙන් මුහුණ, පපුව, පිටුපස ඉහළ කොටසේ සමේ කුරුලෑ ඇති වේ.
5.බර වැඩිවීම
මෙම රෝගය ඇති වන්නන්ගෙන් 80% ස්ථූල අය වේ.
6. පිරිමින්ගේ මෙන් තට්ටය පෑදීම (Male Pattern baldness)
හිසේ ඇති හිසකෙස් තුනී වී පසුව නැතිවී යයි.
7.සම අඳුරු පැහැගැනීම (Darkening of the skin)
බෙල්ල, ඉකිලි, කිහිලි වැනි සමේ නැවෙන ස්ථාන අඳුරු පැහැයක් ගනී.
8.හිසරදය (Headache)
හෝමෝන වෙනස්කම් නිසා ඇති වේ.
PCOS මගින් ශරීරයට සිදුවන බලපෑම
ගර්භනී වීම සදහා ඩිම්බහරණය වීම අවශ්‍ය වේ. මෙහිදී ක‍්‍රමානුකූල ඩිම්බහරණය නොවන අතර සංසේචනය සඳහා බොහෝ ඩිම්බ නිපදවන්නේ නැත. මේ නිසා දරුවන් බිහිකිරීම අපහසු විය හැක.
2. පරිවෘත්තීය රෝග – Metabolic Disorder
Saru FM Media