මේ වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ 8 ඉක්මවා පැමිණෙයි

0
12


2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළදී සංචාරකයින් 93,915ක පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.

අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අප්‍රේල් 12වනදා වන අතර, එදින 7,585ක පිරිසක් පැමණ තිබෙනවා,

එමෙන්ම එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් , රුසියාවෙන් සහ ජර්මනියෙන් ද වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව සඳහන් .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here