ඉන්දියාවේ විශාකාපට්ටම්හි පැවැත්වූ ජාත්‍යන්තර අභ්‍යාසයකට සහභාගී වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවලින් එකක ළමුන් 300කගේ ජීවිත අනතුරට හෙළා ඇති බව විපක්ෂය ගෙන ගිය ඝෝෂාකාරී ප්‍රචාරයට පැය 12කවත් ආයු කාලයක් නොතිබිණි.
විශේෂයෙන් සජිත් පිලේ අජිත් පී පෙරේරා සහ මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙම ප්‍රචාරය ගෙන යනු ලැබීය. අදාළ නෞකාව ජාත්‍යන්තර අභ්‍යාසයකට සහභාගී වී ආපසු යමින් තිබෙන එකක් බව හෝ නොතකා ළමුන් 300ක් පිළිබඳ ප්‍රචාරයකට පාදක කර ගනු ලැබීය.
එම නෞකාවේ නාවික නිලධාරීන් 53ක්, කැඩෙට් නිලධාරින් 84ක්, ජේෂ්ඨ නාවිකයන් 48ක් සහ නාවික භටයන් 23ක් වශයෙන් 208 දෙනෙකු සිටි අතර, ඔවුන් සියළු දෙනාගේ ම ජීවිත ශ්‍රී ලංකා රජය බාරයට ගෙන ඇත. එම නෞකාව ද ත්‍රිකුණාමලය වරාය කරා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගෙන යමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ ප්‍රකාශ කළේය.
1
Saru News
















