ළඳකගේ සුන්දරත්වය වර්ණනා කරද්දී ඇගේ දෙතොලට හිමිවන්නේ ප‍්‍රධාන තැනක්නේ. ගීතයක, කවියක, කතාවක ගැහැණියක් ගැන කියවෙනවා නම් ඇයගේ දෑස මෙන්ම දෙතොලත් වර්ණනා වෙනවාමයි. ඇත්තටම සුන්දර දෙතොලක් ගැහැණියකට ආභරණයක් වගෙයි. මේ නිසාම අපි හිතුවා සුන්දර දෙතොල් තවත් සුන්දර කරගන්න තොල් ආලේපන භාවිතා කරද්දි ඔයාලා දැනගන්නම ඕන කරන වැදගත් තොරතුරු ටිකක් අරගෙන එන්න. කියවලා බලන්නකො. මේ දේවල් ගැනත් අවධානය යොමු කරාම වාසිය ඔයාලාටම තමයි.
1. ලිප්ස්ටික් එකක් මිලදී ගන්නකොට මේ කරුණුත් ඔයාට වැදගත් වේවි

Image Source – rd.com
- මිලදී ගන්න කලින් ලිප්ස්ටික් එක ආලේප කරලා බලන්න. ටෙස්ට් කරන්න තියෙන ලිප්ස්ටික් එක ආලේප කරන්න ඔයා අකමැති නම්, ඔයාගේ ඇඟිලිතුඩේ ආලේප කරලා බලන්න. අතේ මැණික් කටුව හෝ අතේ පිට පැත්තට වඩා ඇඟිලිතුඩෙහි වර්ණය ඔබේ දෙතොලේ වර්ණය සමඟ වඩාත් සැසඳෙයි.
- අනෙක් වර්ණයක් උත්සාහ කර බැලීමට පෙර කලින් ආලේප කරපු වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඉන්න. නැත්නම් වර්ණ දෙක තුනක් මිශ‍්‍ර වීමක් තමයි වෙන්නේ.
- ඔබ හොඳින් ආලෝකමත් ස්ථානයක සිටින බවට වග බලා ගන්න.
- සමහර වෙලාවට ඇත්තටම අපිට තනියමම හරියටම ගැළපෙන වර්ණයක් තෝරාගන්න අපහසුයි. ඒ නිසා පසුබට නොවී මේකප් කවුන්ටරයේ ඉන්න අයෙකුගෙන් උදව් ඉල්ලන්න.
2. එදිනෙදා භාවිතයට ලිප්ස්ටික් එකක් තෝරාගන්නේ කොහොමද?

Image Source – beautyheaven.com.au
නිතර දෙවේලේ භාවිතා කරන්න ගැළපෙන වර්ණයක ලිප්ස්ටික් එකක් ඔබ සමඟ තියෙන්නම ඕන. කොහොමද මේ වර්ණය තෝරා ගන්නේ? ඔයාගේ සාමාන්‍ය තොල් වර්ණයේම පියවරක් හෝ පියවර දෙකක් ඉදිරියෙන් තියෙන Shade එකක ලිප්ස්ටික් එකක් තෝරාගන්න.
ඔයාගේ නැචුරල් ලිප් කලර් එක ළඟින්ම යන Shade එක හොයාගන්න හොඳම විදිහ යටි තොලේ විතරක් ලිප්ස්ටික් එක ගාලා උඩු තොල සමඟ සසඳන එකයි. එවිට තෝරාගත් වර්ණය කෙතරම් ඔබේ තොල් සමඟ සමීපද කියලා ලෙහෙසියෙන්ම බලාගන්න පුළුවන්.
3. දෙතොල්ද දෑස්ද කියලා මුලින්ම තීරණය කරන්න

Image Source – youtube.com
දෙතොල සහ දෙඇස කියන්නේ මේකප් වල ප‍්‍රධානම ප‍්‍රවේශ මාර්ගනේ. ඔබේ දෑසට ටිකක් බර මේක් අප් එකක් දාපු වෙලාවක තොල් ආලේපනත් තද පැහැයෙන් ඇන්දොත් ඔබේ මේකප් එක පමණට වඩා වැඩි වගෙයි පෙනෙන්නේ. එම නිසා ඔබ තොල් ද දෑසද කියලා මුලින්ම තීරණය කරලායි මේකප් එක කරන්න පටන් ගන්න ඕන.
4. ඔබේ තොල් වලට කුඩා හෝ විශාල පෙනුමක් අවශ්‍යදැයි තීරණය කරන්න

Image Source – bloominrouge.com
අඳුරු වර්ණ මගින් ඔබේ තොල් පෙනුමෙන් සිහින් කර පෙන්වන අතර, වඩා ලා පැහැති වර්ණ මඟින් පිරුණු ස්වභාවයක් එකතු කරන්න පුළුවන්. මැට් නිමාවක් සහිත ලිප්ස්ටික් මඟින් ද තොල්වලට සිහින් පෙනුමක් ලබා දෙන අතර, ග්ලොස් වර්ණවලින් තොල් වලට පිරුණු මහත බවක් එක්කර ගන්න පුළුවන්.
5. පෙර සූදානම ගොඩාක් වැදගත්

Image Source – laneelizabethbrenner.wordpress.com
කලින් කියපු කරුණු හිතලා දැන් ඔයා ලෑස්ති වෙන්නේ තෝරාගත්තු ලිප්ස්ටික් එක ආලේප කරන්න. ඒත් ඊට කලින් අපි තොල්පෙති ඒ වෙනුවෙන් සූදානම් කරගන්න ඕන. ඔයාට පුළුවන් ලිප් බාම් හෝ මොයිස්චරයිසර් ක‍්‍රීම් ටිකක් තොල් මත ආලේප කරලා දත් මදින බ‍්‍රශ් එකකින් සෙමින් දෙතොල් මැදගන්න. එතකොට ඔයාගේ දෙතොලේ මැරුණු සම ඉවත් වීමක් සිදු වෙනවා.
6. ලිප් බාම්

Image Source – rd.com
ඔයාගේ දෙතොල් මත තෙතමනය රඳවා ගන්නත්, ලිප්ස්ටික් එකට හොඳ බේස් එකක් විදිහටත් ලිප් බාම් ඔයාට ගොඩාක් ප‍්‍රයෝජනවත්. ලිප්ස්ටික් ආලේපයට පෙර ලිප් බාම් ආලේප කිරීමෙන් දිගු වේලාවක් තොල් ආලේපනය රඳවා ගන්නත් හැකියාව ලැබෙනවා.
7. ලිප් ලයිනර්

Image Source – huffingtonpost.com
ලිප්ස්ටික් ආලේපයට පෙර ලිප්ස්ටික් වර්ණයටම ළඟ වර්ණයකින් ලිප් ලයිනර් එකක් ඇඳ ගැනීමෙන් ඔයාට පුළුවන් ලිප්ස්ටික් මඟින් දෙතොලට කෘත්‍රීම පෙනුමක් එනවා නම් ඉන් මිදෙන්න වගේම මනා පිරිසිදු නිමාවක් ලබාගන්න. මහත දෙතොලක් නම් මදක් තොල් ඇතුළතට වෙන්න ලයිනර් එක ඇඳීමෙන් සිහින් දෙතොලක් වගේම, සිහින් දෙතොලක් නම් මදක් දෙතොලින් පිටතට වෙන්න ලයිනර් එක ඇඳ පිරුණු දෙතොලක් ලබාගන්න ඔයාට පුළුවන්.
8. පවුඩර් රහස

Image Source – wikihow.com
දිගු වේලාවක් තොල් ආලේපනය රඳවා ගන්න උපක‍්‍රමයක් විදිහට වරක් ලිප්ස්ටික් ආලේප කර, ඒ මත තුනී පවුඩර් ලේයරයක් ආලේප කර, නැවතත් ලිප්ස්ටික් ආලේප කරන්න.
9. ඇඟිලි උපක‍්‍රමය උත්සාහ කරන්න

Image Source – giphy.com
ලිප්ස්ටික් ආලේප කරාට පස්සේ ටික වෙලාවකින් ඒ ලිප්ස්ටික්ස් දත්වලත් ගෑවිලා ඔයාගේ දත් ටිකෙත් ලිප්ස්ටික් ගෑවා වගේ වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් මේකට පොඩි උපක‍්‍රමයක් කරන්න. ඔයාගේ ඇඟිල්ල ඔයාගේ මුඛයෙහි තබන්න. හෙමින් තොල් වසන්න. දැන් ඔබේ ඇඟිල්ල එළියට ගන්න. ඔයා ආලේප කළ ලිප්ස්ටික් වල දත්වල ගෑවෙන්න කොටසක් තිබුනානම් ඔන්න දැන් ඒ ටික ඔයාගේ ඇඟිල්ලේ.
10. සියුම් බව වඩාත් ලස්සනයි

Image Source – pinterest.com
වාසනාවකට වගේ ඔයාට තියෙන්නේ සම්පූර්ණයෙන්ම යහපත් සුන්දර දෙතොලක් නම්, එයට අනවශ්‍ය අලංකාරයක් එක් කිරීමට උත්සාහ නොකිරීම වඩාත් සුදුසුයි. ලාවට වගේ ලිප්ස්ටික් ටිකක් ගෑවා නම් හොඳටම ඇතිවෙයි. මෙන්න ඔයාට ගැළපෙනම ක‍්‍රමය. යටි තොලේ පමණක් ටිකක් තදට ලිප්ස්ටික් ආලේප කරන්න. දැන් ඔබේ දෙතොල් එකට එක්කරන්න. උඩු තොලත් ලිප්ස්ටික් වලින් හැඩවුනාට පස්සේ ඇඟිල්ලෙන් ලිප්ස්ටික් ටික ඉවත් කරලා දාන්න.
11. ඇඳුමේ පාටටම ලිප්ස්ටික් එකත් තෝරාගන්න එපා

Image Source – glamour.com
ඔයා සැරසිලා ඉන්න ඇඳුමේ පාටම බලලා තොල් හැඩ කරන්න යන්න එපා. ඒකෙන් ඔයා බලාපොරොත්තු වෙන සුන්දරත්වය නැතිවෙලා ගිහින් පමණට වඩා වැඩි ගතියක් එක්වේවි. උදාහරණයක් විදිහට ඔයා තද රතු පැහැයෙන් ඇඳුමක් ඇඳලා, තද රතු පාටම ලිප්ස්ටික් එකකුත් ආලේප කළොත්, සුන්දරත්වය සැඟවිලා ටිකක් සැර පෙනුමක් එක්වේවි.
12. ලිප් ලයිනර් එක සහ ලිප්ස්ටික් එක මතක ඇතිව බෑග් එකේ දාගෙන යන්න

Image Source -maybelline.com
ලස්සනට ලිප්ස්ටික් ගාලා හැඩවෙලා හිටියා කියලා කෑම නොකා ඉන්න බෑනේ. කොහේ ගියත් ඔබට අනිවාර්යයෙන් කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කෑම කන්න වීම. එතකොට ඔයාගේ තොල් ආලේපනත් මැකිලා යන්න පුළුවන්. ඒ නිසා කෑමෙන් පස්සේ අයෙමත් ලිප් ලයින් එක ඇඳලා ලිප්ස්ටික් ගාගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා මතක ඇතිව ඔයා එදාට හැඩවෙලා යන ලිප් ලයිනර් එකයි ලිප්ස්ටික් එකයි ඔයාගේ අත්බෑග් එකේ දාගෙන යන්න නම් අමතක කරන්න එපා. එහෙම නැති උනොත් තොල් ආලේපන පරිස්සම් කරගන්න එක ගැන හිත හිත ඉන්නවා මිසක් ඔයාට හිතේ හැටියට බඩ පුරවගන්න නම් වෙන එකක් නෑ.
Cover Image Source – angelinacosmetica.com/angelinacosmetica.com/toofaced.com
The post මේ උපදෙස් දැනගෙන ලිප්ස්ටික් ගෑවොත් වාසිය ඔයාලාටමයි appeared first on Lifie.LK.
Saru FM Media