මේ අවුරුදු සමයේ අමාරුවේ නොවැටී ඔන්ලයින් ෂොපින් කරන්න නම් ඔබ සැලකිලිමත් විය යුතුම කරුණු..

0
20


ස්මාර්ට් ෆෝන් එකයි අන්තර්ජාලයයි එක්ක අපි හැමෝම ඔන්ලයින් ශොපින් කරන්න වැඩිපුර යොමුවෙලා තියනවා. දවසින් දවස වෙනස්වන ෆැශන් ලෝකේ ඔන්ලයින් නිසා තවත් තරඟකාරි වෙලා. අපිට නිදහස් වෙලාවට ෂොපින් කරන්න පුලුවන් නිසා ඔන්ලයින් ශොපින් හරිම ජනප්‍රියයි.

ෆේස් බුක් එකේ ජනප්‍රිය දේශීය ශොප් සහ ඇමසෝන්, ඩරාස් වගේ විදේශීය ඔන්ලයින් ශොප් වලත් අපි සැරිසරන්නේ හොඳම භාණ්ඩ වලට අඩුම මිලක් ලැබෙන නිසා. නමුත් මේ වාසි අතරේම නිවැරැදිව ඔන්ලයින් ඕඩර් නොකලොත් ඔබ අපහසුතාවයට පත් වෙන්න පුලුවන් ඉඩකඩ වැඩී. ඉතින් අද අපි කතා කරන්නෙ අමාරුවෙ නොවැටී නිවැරැදිව ඔන්ලයින් ඇදුම් ඕඩර් කරන ඔබ සැලකිලිමත් විය යුතුම දේවල් ගැනයි.

ස්මාර්ට් ඔයා ඊලඟට ඇඳුම් පැලඳුම් ගන්න ඔන්ලයින් ශොපින් කරද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

හැඩකාර ගෑනු ලමයෙක් ඇඳලා ඉන්න ඇඳුුමට හිත ගියාට එක පාරට ඕඩර් කරන්න එපා. ඒවා ලයිට් ගොඩක් මැද කරන ෆොටෝ ශූට්. ඒ විතරක් නෙමෙයි, එඩිට් කරල, අඩු පාඩු හදලා තියෙන්නේ. ඒ නිසා ෆැශන් මොඩ්ල් කෙනෙක් දාලා කරපු ෆොටෝ ශූට් එකට කැමති වෙනවට අමතරව සියලුම තොරතුරු කියවන්න ඕනි. ඒ කියන්නේ, ඔබ ඇඳුමක් ගන්නවා නම් එහි ප්‍රමානය, mesurements, රෙදි වර්ගය, නිමාව, වර්ණය වැනි තොරතුරු අනිවාරයෙන්ම බලන්න අමතක කරන්න එපා. ලයිට් නිසා පාට පොඩ්ඩක් වෙනස් වෙන බවත් අමතක කරන්න එපා.

ඔබට බොහෝ විට ප්‍රශ්න එන්නේ සයිස් එක නොගැලපීම නිසා. ඒකට හේතුව වෙන්නේ එක එක රටවල මිනිස්සුන්ගේ ශරීර ප්‍රමාන වෙනස් නිසාය. ආසියානු අපේ ශරීරය ප්‍රමානයෙන් කුඩා නිසා අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලට ගැනීමේදී UK, USA , Italy, EU, France ලෙස ප්‍රමාන සඳහන් ඒවා අපේ මිනුමට හරවා ගන්න වග බලා ගන්න. පපුව, ඉණ, උකුල පදනම් කරගෙන ඇඳුම් සඳහා වන වගුව පිලියෙල වෙන්නේ. ගවුම්, බ්ලවුස්,ටී ශර්ට් , සෙරෙප්පු, සපත්තු, කලිසම් ,සාය වැනි දේ සඳහා මෙවැනි වගුවක් බොහෝවිට ඇතුලත් වෙනවා. එහිදී ඔබේ වර්තමාන සයිස් එක හරියටම දැනගෙන ඉන්න එක වැදගත්.
ඒ වගේම ලන්කාවේ ඔන්ලයින් ශොප් වලින් ඇඳුම් මිලදී ගත්දී ප්‍රමාන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මොකද අපේ රට තුල ඇඳුම වල ප්‍රමාන ගැන නිසි සැලකිල්ලක් නැති නිසා. ඔබට විශේෂයෙන් මිනුම් ගැන දැන ගැනීමට අවශ්‍ය නම් පාරීභෝගික සේවාවෙන්, ඔන්ලයින් චැට් එක හරහා හෝ දේශීය නම් දුරකතන ඇමතුමක් දෙන්න පුලුවන්.

ඔබට මිලදී ගැනීම ලංකාවේ ඔබ දන්නා කඩයකින් වගේම නොදන්නා අලුත්ම කඩයකින් කරන්න පුලුවන්. මේ වගේ වෙලාවට ඔබ පොඩි අවදානමක් ගන්නවා. ඒ කියන්නේ කිසිදා ඔබ භාවිතා නොකරපු brand එකක් වෙනුවෙන් ලොකු මුදලක් එකපාර වියදම් කරන්න කලින් අපි කීප වරක් හිතනවා. අන්න ඒ වෙලාවට

යන්න review තීරුවට. ඒ කොමෙන්ට් කියවීමෙන් ඔබට ඔවුගේ භාණ්ඩ හා සේවා පිලිබඳව හොඳ අදහසක් ගන්න පුලුවන්. අමතක නොකර ඔබේ ගනුදෙනු නිමා වූ පසුව පාරිභොගිකයෙකු ලෙස පොඩි කොමෙන්ටුවක් දමා යන්න අමතක කරන්න එපා , ඒක ඔබ වගේම තවත් කෙනෙකුට මඟ පෙන්වන්න හේතුවක් වෙයි .

ඇතැම් වෙබ් අඩවි වල භාණ්ඩ මිලදී ගැනීම වැඩි කරන්නත් තවත් ඒ වගේ භාණ්ඩ අලෙවිය අඩු කරන්න හේතු වන්නේ වෙබ් අඩවියේ ඇති ආකර්ෂණීය භාවයයි .ගනුදෙනුකරුවන්ට පහසු වන අයුරින් වෙබ් අඩවිය අඩවි සකසා තිබීම නිසා ඔබට තොරතුරු පහසුවෙන් සොයාගත හැක. ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ඔබට උපරිම පහසුව දෙන ආකාරයට layout සැකසූ වෙබ් අඩවි ඔබේ මිලදී ගැනිම පහසු කරයි.

මේකත් ඔබ දැනගන්නම ඕනි කරුණක්. සමහර වෙබ් අඩවි භාණ්ඩ නිවසට ගෙනවිත් දීමේදී ගාස්තු අය කරන අතර ඇතැම් ඒවා නොමිලේ එය ලබා දෙයි. ඇතැම් විට ප්‍රොමෝශන් ලෙස ද එහෙමත් නැත්නම් එක්තරා දුරක් ඇතුලත පමණක් ද නොමිලේ නිවසටම ගෙනැවිත් දෙයි. ඉතින් මේ වගේ අවස්ථාවලදී ඔබ මිලදී ගන්නා භාණ්ඩයත් delivery charge එකත් කොච්චර කියල දැනගත්තොත් ඔබගේ මිලදී ගැනීමේ තීරණය වඩාත් පහසු කරයි. උදාහරණයක් ලෙස කිව්වොත් රුපියල් 250 ක් වටිනා කලිසමක් ගෙදරට ගෙන්වා ගැනීමට රුපියල් 150ක් වැය වනවා නම් එය එහිදී දෙවරක් සිතිය යුතුයි නේද ?

බොහෝවිට online ඔන්ලයින් බිස්නස් එකේදී මිල ගණන් එක පරාසයක් තුළ දෝලනය වෙනවා .ඒ නිසා මේ හා සමානම භාණ්ඩ අලෙවි කරන අනිකුත් කඩවල් වල ඔබගේ භාණ්ඩයේ වටිනාකම ගැන සොයා බැලිය යුතු වෙනවා. එතකොට එම තත්ත්වයට හා මුදලට වටිනාකම ගැලපෙනවාද කියලා ඔබට පහසුවෙන් සිතා ගත හැකියි .

ප්‍රදාන වශයෙන් ගෙවීමේ ක්‍රම කීපයක් තියෙනවා

පාරිභෝගියා කෙරෙහි නම්‍යශීලී වෙලෙන්දන් තෝරාගැනීම මෙහිදී වැදගත්. ඔබගේ භාන්ඩය කෙරෙහි අතෘප්තිමත් බවක් හෝ වෙනත් කාරනයක් නිසා මිලදී ගැනීම පිලිබද තීරනය වෙනස් කරන විටදී ඔබේ වෙලෙන්දා එම තීරනය ගරු කල යුතුය. අද වනවිට භාන්ඩය ලැබුනු පසු මුදල් ගෙවන අවස්තාවලදී මෙන්ම, භාණ්ඩ ඇණවුමේදී ක්‍රෙඩිට් කාර්ඩ්, ඩෙබිට් කාඩ් වලින් මුදල් ගෙවන අවස්තාවලදීද තීරණය වෙනස් කිරීමේ අවස්තාව පාරිභෝගිකයාට ලබාදේ. මිලදී ගැනීමට පෙර මේ ගැනද විමසා සිටින්න.

ඔන්ලයින් භාන්ඩ මිලදී ගන්නා විට ඔබේ පුද්ගලික රහසිගත තොරතුරු වන කෙඩිට් කාඩ් අංක, user name, password වැනි තොරතුරු ඇතුලත් කල යුතුය.මෙහෙදී වංචනිකයාගෙන් ඔබේ දත්ත ආරක්ශා කර ගැනීමට නම් ඔබට පලපුරුදු කඩයකින් හෝ හෝ හොඳ review ඇති කඩයකින් මිලදී ගන්න.

ඔන්ලයින් ශොපින් වලදී බොහෝ විට නැවත් හරවා එවීම් (retrun policies) සම්බන්ද තද නීති තියනවා. සමහර තැන් වල ඔබ වෙනුවෙන්ම කරපු භාණ්ඩ (personalized goods), ඉලෙට්‍රොනික් භාන්ඩ හරවා එවන්න බෑ. භාන්ඩය යම් හේතුවක් මත නොගැලපෙන විට මුදල් ගෙවීම හො නැවත හරවා යැවීම ගැන ඔබ භාණ්ඩ මිලදී ගැනීමට පෙර දැනගන්න. ඒ වගේම එහෙම මාරු කිරීමකදී ඩිලිවරි චාජ් එක ගෙවන ආකාරය වගේ දේවල් දැන ගන්න. බොහෝවිට මේ තොරතුර වෙබ්සයිට් එකේ තිබ්බත් අපි කියවන්න කම්මැලියි ඒ නිසා පාරිභෝගික සේවාව හරහා සම්බන්ද උනොත් වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන්.

ඔබ භාණ්ඩ මිලදී ගන්නේ ලංකාවේ සාප්පුවක් හිමි ඔන්ලයින් කඩයකින් නම් ඔබට නොගැලපෙන අවස්තාවකදී එම සාප්පුවෙන් භාණ්ඩය මාරු කරගැනීමේ අවස්තාව ඔබට ලැබෙනවාද කියා අහලා දැනගන්න. ඔබට ඒ වගේ අවස්තාවක් ලැබෙනවා නම් ඒ සාප්පුව හොදයි නේද?? ඒ වගේම සමහර බැංකුවලින් ඔන්ලයින් ගනුදෙනු වලටම දෙන වෙබ් කාර්ඩ් තියනවා. මේවා හරහා ඔබේ ඔබට අවශ්‍ය මුදල පමනක් කාඩ් එකට දාලා භාණ්ඩය මිලදී ගන්න පුලුවන්. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඔබේ තොරතුරු, මුදල් අස්තානගත වෙන බය මේකෙන් නැති කරගන්න පුලුවන්.

l



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here