මේ අවුරුද්දේ හැම ද්විතීක පාසලකටම එක ස්මාර්ට් බෝඩ් එකක් හෝ දෙනවා. ඒවාට සල්ලි එකතු කරන්න එපා – හරිනි

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වසර අවසන් වීමට පෙර සෑම ද්විතීක පාසලකටම අවම වශයෙන් එක ස්මාර්ට් බෝඩ් එකක් හෝ ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“ඩිජිටල් පහසුකම්, ස්මාර්ට් බෝඩ් කනෙක්ටිවිටි කියන එකත් අපි මේ අවුරුද්ද අවසාන වෙනකොට ද්විතීක පාසල් සියල්ලටම අන්තර්ජාල සම්බන්ධතා ලබා දෙන්නත් හැම පාසලකටම එක ස්මාර්ට් බෝඩ් එකක් අවම වශයෙන් ලබාදෙන වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා. ඒක පෙබරවාරි මාසෙ පටන් ගත්තෙ. මේ අවුරුද්ද අවසන් වෙනකොට ඒ පහසුකම් සියල්ලත් පාසලකට කම්පියුටර් එකක්වත් – ඒ කියන්නෙ පරිපාලන වැඩකිරීම සඳහා අවශ්‍ය ඒ ඩිවයිස් සියල්ල කලාපවලට ලබාදෙන්නත් අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒක මේ අවුරුද්ද අවසන් වෙනකොට අවමය හැම පාසලකටමත් කලාප කාර්යාලයකටමත් ලැබෙන්න තමා අපි සැලසුම් කරලා තියෙන්නෙ. ඒ නිසා මම නැවත වතාවක් අවධාරණය කරනවා ඒ සඳහා පාසල් තුළ මුදල් නම් එකතු කරන්න එපා. එපා කියන්නෙ හේතු දෙකකට. එක, රජය විසින් ඒක ලබාදෙනවා. දෙක, හැම පන්ති කාමරයකටම ස්මාර්ට් බෝඩ් අවශ්‍යත් නෑ. එහෙම යන්න එපා. ඒක අනවශ්‍ය වැඩක්. ඇත්තටම දැන් තියෙන ක්‍රමය අනුව ඒවා බිත්තිවල එල්ලලා යන ක්‍රමයක් නෙවෙයි. ඒවාට තියෙනවා ඒවා පන්ති කාමරයට අවශ්‍ය විදියට මොබයිල් ගෙනියන්න පුළුවන්. ඒවා රෝල් කරලා ගෙනියන්න පුළුවන් උපකරණයත් එක්ක තමයි අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නෙ”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (15) හම්බන්තොට ප්‍රදේශයේදී පැවති ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

The post මේ අවුරුද්දේ හැම ද්විතීක පාසලකටම එක ස්මාර්ට් බෝඩ් එකක් හෝ දෙනවා. ඒවාට සල්ලි එකතු කරන්න එපා – හරිනි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here