මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද එනසාල් සහ වියලි ඉගුරු තොගයක් නාවුක හමුදා බාරයට 

0
4


ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද එනසාල් සහ වියලි ඉගුරු තොගයක් නාවුක හමුදාව විසින් සිය බාරයට ගෙන තිබෙනවා.

ඉකුත් 17 වැනිදා රාත්‍රී කාලයේ කල්පිටිය – උච්චමුනේ මුහුදු වෙරළේ තිබියදී මෙම එනසාල්, වියලි ඉගුරු තොගයක් සහ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ බව කියන කුඩා ප්‍රමාණයේ ඩිංගි බෝට්ටුවක්ද නාවුක හමුදාව තම බාරයට ගෙන තිබෙන්නේ.

නාවුක හමුදා බාරයට ගෙන ඇති එනසාල් කිලෝ ග්‍රෑම් 150 ක ප්‍රමාණය පොලිතින් මළු 04ද,වියලි ඉගුරු කිලෝ ග්‍රෑම් 320 පොලිතින් මළු උර 08 කද අසුරා තිබී ඇති බවයි නාවුක හමුදාව සඳහන් කර සිටියේ 

මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නාවුක හමුදාව සහ පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here