මෙන්න මෙහෙම සුදු වෙන්න…

0
5

සම සුදු පැහැ කරගැනීමට බොහොමයක් දෙනා දක්වන්නේ විශාල කැමැත්තක්. මේ නිසාම බ්ලීචින් කිරීම් ආදියට යොමු වී තම ස්වබාවික සම විනාශ කරගන්නට නොදනුවත් බව නිසා බොහොමයක් දෙනා යොමු වෙනවා. ඉතින් අප මේ පවසන්නේ ස්වභාවික සත්කාරකයන් මඟින් ඔබට අතිශය පැහැපත් සුන්දර පෙනුමකට මාර්ගයයි. එන්න. අත්වැල් අල්ලන්න.

මුහුණේ අඳුරු පැහැය ඉවත් කිරීමට කළ හැකි සත්කාරයන්

  • යෝගට්, මී පැණි, සමව ගෙන හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 15 කින් පමණ මුහුණ සෝදා හරින්න.
  • මී කිරි සහ ලෙමන් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. වියළි සමට වඩාත් සුදුසුයි.
  • ලෙමන් සහ මී පැණි හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15 පමණ තබා සෝදා හරින්න.
  • හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩි කර මුහුණේ ආලේප කර විනාඩි 20 තබා සෝදා හරින්න.
  • අයිස් කැටයක් ගෙන දිය වී යනතුරු මුහුණ සම්බාහනය කරන්න.

මිශ්‍ර සමකට ගැළපෙන සත්කාරයන්

  • ලෙමන්, කඩල පිටි, කහ සහ මී කිරි, මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15 පමණ තබා සෝදා හරින්න.

මුළු සිරුරටම

  • ඕට්ස් සහ ආමන්ඩ් තෙල් මිශ්‍ර කර  නෑමට පෙර ආලේප කර විනාඩි කිහිපයක් තබා ශරීරය ස්ක්‍රුබ් කරන්න.

– ඉරේෂා –

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here