“මුසා”ගේ පුතාගේ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට රට සිටි IP අත්අඩංගුවට

0
4

2024 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධියෙන් පසුව ඔහු විදේශගත සිට ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා විසින් බව ඒම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා මහතා වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබිණි.

එම සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර නැමැති පොලිස් සැරයන්වරයා මිය ගියේය.

”වැලිගම W 15 හෝටලය හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් නැතිනම් හාඩිට අයත් එකකි.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here