මුලින් නම් කිව්වේ බදු ඔක්කොම අයින් කරලා 160ට තෙල් දෙනවා කියලා! දැන් 10කින් අඩු කරලා කියනවා තව අඩු කරන්න බෑ කියලා! IMF කොන්දේසි තියෙනවලු! මාලිමා ආණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ ඇමැතිතුමා කියන කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

0
13


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.Sri Lanka Latest News

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.


“ඉන්ධන මිල අඩු කරන්න අපිත් කැමතියි. ඒත් ඒක මේවෙලාවේ කරන්න විදිහක් නෑ. මොකද අපි තාම ඉන්නේ IMF කොන්දේසිත් එක්ක. අපේ ආදායම සහ වියදම සොයා බැලීමක් කරන්න වෙනවා. රජයට අදායමක් තියෙන්න ඕන එක පාරම අඩු කරන්න අමාරුයි. අපිට පුනර්ජනනීය බලශක්ති පැත්තට යන්න වෙනවා. ඒක හින්දා තමයි ඉන්දීය අගමැතිවරයා මෙහාට ආවාම පුනර්ජනනීය බළශක්තිය පැත්තෙන් තමයි ගිවිසුම්වලට යන්නේ. එහෙම ගිහින් තමයි අපිට විදුලි බිල අඩු කරන්න වෙන්නේ. ඉන්ධන එක්කත් අපිට ගැලපීමක් කරන්න තියෙනවා. ඒක IMF එකත් දන්නවා. අපිට එකපාරටම එතැනට යන්න බැහැ. ඒත් ආණ්ඩුව ආවට පස්සේ අපි ගොඩක් ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. මේපාර රුපියල් 10කින් අඩු කළාට මීට ඉස්සෙල්ලාත් ආණ්ඩුව විවිද ප්‍රමාණවලින් මිල අඩු කරලා තියෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here