මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

0
9

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ආධාර හා අනුබල දුන් ව්‍යාපාරිකයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පෙරේදා (28) අත් අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපද්දවන ලද්දා වූ රුපියල් කෝටි 7.48ක මුදලක් විශුද්ධිකරණය කිරීමේදී, තමාට අයිති නොමැති මුදලක් බව දැන දැනම රුපියල් කෝටි 3ක මුදලක් තම සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අදාළ ‍ව්‍යාපාරිකයාට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතින් සංශෝධිත 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ, මුදල් 3 (1) (b) සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා ආධාර අනුබල ලබාදීමත්, මුදල් විශුද්ධිකරණ පනතේ 3 (2) වරද සිදුකිරීම යන චෝදනාවත් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකාර ව්‍යාපාරිකයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here