මුඛයෙන් හමන දුර්ගන්ධය නැති කරගන්නා ක්‍රම ගැන දැනුවත් වෙමු.

0
14


මුඛයෙන් කිසියම් දුගදක් පිට වීම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්.මේ නිසා ඇති වන අපහසුතා පෞරුෂයට බලපෑමක් කළ හැකි මට්ටමේ ඒවායි.ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් .

නින්දේ දී හෝ කිසි යම් වෙනත් දිගු වෙලාවක යෙදෙන කටයුත්තකදී හෝ ජලය පානය කිරීමට සිදු වන්නේ නැහැ .එවිට කටින් පිට වන වාතයේ කිසියම් දුගදක් ඇති වෙනවා .කට වියලි තත්වයට පත් වූ විට දිවේ සෛල මරණයට පත් වෙනවා.ඒ නිසා ඉන් දුගදක් හමනවා.

දත් වල සහ දිව මත රැඳී ඇති ආහාර ද්‍රව්‍ය නිසා  බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා .ඉතින් දිව හෝ මුඛය නිසි පරිදි පිරිසුදු නොකරන විටදීත් දුඟදක් නිකුත් වෙනවා.

මුඛය ආශ්‍රිතව හට ගන්නා විවිධ රෝගාබාධ නිසා දුගඳක් හැමීමට පුළුවන් .

ඇතැම් ඖෂධ නිසා ද මුඛයෙන් ද දුගඳක්  හැමිය හැකියි .උගුරේ හෝ පෙනහළු වල වල ආසාදනයන් ,වකුගඩු හෝ අක්මාව රෝග ඒ සඳහා ගන්නා ඖෂධ මේ අතර වෙනවා.

මත් ද්‍රව්‍ය ගන්නා අයගේ මුඛයෙන් පමණක් නොව ශරීරයෙන් ද කිසියම් ගඳක් නිකුත් කරනවා.

සුදු ලූනු ,ලුනු වර්ග,රාබු ආදී ආහාර වල ඇති සංයෝග නිසා මුඛයෙන් ගඳක් පිටවීම සිදුවෙනවා .

අපේ මුඛය කිසියම් ගඳක් නිකුත් කරනවාද කියා ඔබේ සමීපතමයෙකු ගෙන් ඇසීමත් එතරම් සුදුසු නැහැ .එය අප්‍රසන්න අත්දැකීමක් නිසා .බොහෝ අය සිය අත මුහුණ ඉදිරියට ගෙන එයට පිඹ එහි සුවඳින් මෙම පරීක්ෂාව කරනවා.නමුත් එය සාර්ථක නොවන බවයි ක්ශුද්‍ර ජීව විද්‍යාඥයන් පවසන්නේ.වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ පිටි අල්ල හෙවත් අතේ පිටු පසෙහි දිව ගා,මද වේලාවකින් ඒ පෙදෙස ආඝ්‍රාණය කර කර බැලීම සුදුසු බවයි .

නිතරම වතුර පානය කිරීම මගින් මුඛය අභ්‍යන්තරය වියලීම වලක්වා ගන්නට පුළුවන්.ඒ නිසාවෙන් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම වෙනවා .මුඛය නිතරම තෙත්ව ඇති විට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩපණ වීම හේතුවෙන් දුගඳක් ඇති වන්නේ නැහැ .

ආහාර ගැනීමෙන් පසු ඉතාමත් හොඳින් දත් වගේම  දිව ද මැදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයක් .රූප පැහැදිලිව කියන්නේ නිරෝගී සහ පිරිසිදු බවේ ලක්ෂණයක් .

කාර්යාලයේ හෝ පිටත වෙනත් ස්ථානයක දී දත් මැදීම කළ නොහැකි නිසා මවුත් වොශ් එකක් තාවකාලික ම භාවිතා කරන ට පුලුවන්.නමුත් මෙහි අවාසිදායක තත්ත්වයක් තියෙනවා .එහි අඩංගු සීනි සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිසා දත් දිරා යෑමේ හැකියාව සහ විවිධ රෝග ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා.එම නිසා නිතරම ස්වභාවික අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මිලදී ගැනීමට සැලකිලිමත් වෙන්න.

මුඛයට  නැවුම් සුවඳක් ගෙන දෙන ස්වභාවික දේවල් රැසක් ම තිබෙනවා .මින්ට් වර්ග ,අසමෝදගම් ඇට ,එනසාල් ,සුදුරු,මහදුරු ,කුරුදු ,කරාබු නැටි මේ අතර තිබෙනවා .මේවා මද වේලාවක් හැපීමෙන් කිසියම් සුවඳක් එකතු කරනවා .

ඉතින් මුවේ නැවුම් බව,නැවුම් සුගන්ධය ඔබේ පිරිසුදුකම වගේම ,කෑම බීම පුරුදු පිළිබඳව ද රහස් කතාවක් කියන බව තේරෙනවා නේද?



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here