මීටියාගොඩ වෙඩි තැබීමට යතුරුපැදි දෙකකින් ඇවිත් – තවත් තොරතුරු කිහිපයක් එළියට

0
3


මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට ඊයේ (03) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කළා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි සරත් චමින්ද උදය කුමාර නැමැති අයෙක්.

යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

52 හැවිරිදි එම පුද්ගලයා ද මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිවකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here