Wednesday, May 7, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මීගමුව රෝහලේ OPD යේදී තරුණියකට අතවර කළ වෛද්‍යවරයා GMOA සාමාජික නොවන නිසා...

මීගමුව රෝහලේ OPD යේදී තරුණියකට අතවර කළ වෛද්‍යවරයා GMOA සාමාජික නොවන නිසා වගකීමක් නෑලු

0
14


The doctor who molested a young woman at the Negombo Hospital OPD is not responsible as he is not a GMOA member.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු ලිංගික හිංසනයක් සිදුකළ සිදුවීමක් හා ඊට ප්‍රතිචාර ලෙස “තමන්ට වකගීමක් නැතැයි” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ආන්දෝලනයට තුඩුදිය හැකි පිළිතුර සාකච්ඡාවට ලක්වෙමින් පවතී.
වින්දිත තරුණිය ප්‍රතිකාර ලබාගැනීමට මීගමුව රෝහලට පැමිණ සිටියදී  වෛද්‍යවරයකු ශාරීරික අතවරයක් සිදුකර ඇය හිංසනයට ලක් කළ බව පොලිසියට යොමු කළ පැමිණිල්ලේ කරුණු දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ, චෝදනාව එල්ලවන වෛද්‍යවරයා සිය සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බවයි.
පසුගියදා අනුරාධපුරයේ වෛද්‍යවරියක සාමාන්‍ය පුද්ගලයෙකු අතින් අතවරයට ලක්වීම බැරෑරුම් ලෙස සැලකූ මෙම සංගමය එම පුද්ගලයා අල්ලන ලෙස හා වෛද්‍යවරුන්ගේ පහසුකම් ගැටලු මතුකරමින් දිවයින පුරා වැඩවර්ජනයක්ද සිදු කළ අතර
මෙවර සිදුව ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙකු වෛද්‍ය පාර්ශ්වයෙන් අතවරයට ලක්වූ ප්‍රතිවිරුද්ධ සිදුවීමකි.

මේ සම්බන්ධයෙන් මීගමුව රෝහලෙන් වාර්තාවක් කැඳවූවා. එහිදී පැහැදිලි වුණු එක් කරුණක් අදාළ වෛද්‍යවරයා මීට පෙරත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අයෙක්.
ඔහු විනය විරෝධීව කටයුතු කිරීම නිසා 2021 වර්ෂයේ දී සාමාජිකත්වයෙන් නෙරපා දැමූ පුද්ගලයෙක්.
මේ සිදුවීම අපට සුළුකොට තකන්න බෑ. මේ සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි. <කිසිම විදියකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැරදිකාරයන් රකින්න සූදානමක නෑ. පරීක්ෂණය සඳහා උපරිම සහයෝගය ලබාදීමට සූදානම්


වෛද්‍ය චමිල් විජේසිංහ පවසා තිබේ.
මේ සම්බන්ධව GMOA සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණියක් විසින් සිදු කරන ලද පැමිණිල්ල
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියක්, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක් කරනු ලැබුවේ යයි සිදු කරන ලද පොලිස් පැමිණිල්ලක් පිළිබඳ තොරතුරු මාධ්‍ය හරහා වාර්තා වී ඇත.
අදාල සිදුවීම සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් ශාඛාවෙන් ලබාගත් තොරතුරු වලට අනුව මෙම සිදුවීමට අදාල වෛද්‍යවරයා, අප සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කීපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බව තහවුරු කරන ලදී.
එසේ වුවත්, රජයේ රෝහලක් තුළ සිදුවුණු මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අප විශ්වාස කරන අතර, එම විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපරිම සහයෝගය ද ලබාදෙනු ඇත.
සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්ෂාව තහවුරු විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් වඩා ශක්තිමත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිතකිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබාදීමට ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සුදානම් බව අවධාරණය කරමු.
ස්තූතියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here