මිහින්තලා නා හිමිට අපහාස කල යූටියුබ් නාලිකා පරිපාලකවරයෙකු ශරීර ඇප මත මුදා හැරේ

0
16


යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ට සහ මිහින්තලා පුදබිමට අපහාස වන ආකාරයේ තොරතුරු ප්‍රචාරය කරමින් එකී අපහාසාත්මක තොරතුරු තවත් විවිධ යූටියුබ් නාලිකා වෙත මුදා හැර තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි යූ ටියුබ්  නාලිකාවක පරිපාලකවරයෙකු රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්  පී.එච්.ඩබ්ලිව්. ඩී. එල්  සමරසිංහ මහත්මිය අද නියෝග කළා. 

මින් ඉදිරියට මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ට හෝ මිහින්තලා පුදබිමට අපහාස වන හෝ තර්ජනය වන ආකාරයේ තොරතුරු කිසිවක් සමාජ මාධ්‍යයේ හෝ වෙනත් ක්‍රම ඔස්සේ ප්‍රචාරය නොකරන ලෙසටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුට තරයේ අවවාද කළේ.

අගෝස්තු මස 6 වන දින සැකකරුට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් එහිදී නියෝග කෙරුණා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ, අජිත් එදිරිසිංහ නැමැත්තෙක්. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here