රුපියල් මිලියන 87කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, මන්නාරම, පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා දෙපාර්තමේන්තුව මගින් පේසාලේ වෙරළ තීරයේදී තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදි එම ගංජා තොගය සොයාගෙන තිබෙනවා.
නාවික හමුදාව පැවසුවේ කේරළ ගංජා කිලෝ 218යි ග්‍රෑම් 800ක පමණ තොගයක් එලෙස සොයාගත් බවයි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම ඩිංගි යාත්‍රාව පේසාලේ වෙරළ ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇති බවටයි නාවික හමුදාව සැක පළ කරන්නේ.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංජි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.
Saru FM Media