මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජීවිතක්‍ෂයට

0
15


මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි නවතම විදෙස් වාර්තාවල දැක්වෙනවා.

තවත් පුද්ගලයින් 732කු තුවාල ලබා ඇතැයිද සඳහන්. 

මේ අතර මියන්මාරයේ ඇති වූ භූ කම්පනයෙන් පසු මියන්මාරයේ සහ තායිලන්තයේ බැංකොක් නුවර සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කිසිදු අහිතකර සිදුවීමක් වාර්තා වී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

කෙසේවෙතත් එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනය සම්බන්ධයෙන් තවත් තොරතුරු විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here