මධ්‍යම මියන්මාරයට රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූමි කම්පාවක් ඇති වී තිබෙනවා.
NDTV මාධ්‍ය වාර්තා කළේ අද (28) පෙරවරුවේ එම ප්‍රදේශයේ භූමි කම්පා ද්විත්වයක් ඇති වී තිබෙන බවයි.
ඉන් එක් භූ කම්පනයක් රික්ටර් මාපක 6.4ක එකක් බවට ද වාර්තා වනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, එහි කේන්ද්‍රය නේපිඩාවෝ අගනුවර සිට කිලෝමීටර් 250 ක් පමණ දුරින් පිහිටි සාගිං නගරයේ සිට කිලෝමීටර් 16 සහ 18 ක් ඇතුළත පිහිටා තිබුණා.
උතුරු සහ මධ්‍යම තායිලන්තයේ ප්‍රදේශ දක්වා මෙම භූ කම්පන දැනී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම භූ කම්පනයෙන් විශාල දේපොළ හානි සිදු ව තිබෙන බවත් වාර්තා වනවා.
Saru FM Media