මියන්මාරයට චීනයෙන් යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක්

0
12


භූමිකාම්පා විපත් සහන වෙනුවෙන් චීනය මියන්මාරයට යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා.

ඒ මියන්මාර රජයේ ඉල්ලීමකට අනුවයි.

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Li Ming මහතා මේ බව පැවසුවා.

මේ අතර චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට බලපෑමට ලක් වූ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර ලබා දී තිබෙනවා.

එසේ ම, චීන රතු කුරුස සංගමයේ ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදවා ගැනීම සඳහා මියන්මාරයට පැමිණි බව ද වාර්තා වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here