මියන්මාර භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලිවලින් දහස් ගණනක පිරිසක් ඉවතට

0
10


මියන්මාර භූමිකම්පාවෙන් පසු බැංකොක්හි ඉරිතලා ඇති ගොඩනැගිලිවලින් දහස් ගණනක පිරිසක් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ගොඩනැගිලි කඩා වැටීමේ අවදානමක් පිළිබඳ මේ වනවිට අනතුරු අඟවා තිබෙනවා.

භූමිකම්පාවෙන් මියන්මාරයේ මියගිය සංඛ්‍යාව 1,700 ඉක්මවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

යුද්ධයෙන් විනාශ වූ මියන්මාරය ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 8 ක හදිසි මානුෂීය ආධාර ඉල්ලීමක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර තිබූ මොහොතකයි මෙම භූ කම්පනයට මුහුණ දුන්නේ.

මේ අතර තායිලන්තයේ කඩා වැටුණු උස් ගොඩනැගිල්ලකට යටවී සිටින ඉදිකිරීම් කම්කරුවන් 76 දෙනෙකු බේරා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කළා.

තායිලන්තයේ මියගිය සංඛ්‍යාව මේ වනවිට 18ක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here