මිදිගම කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් විරෝධතාවයක

0
4


මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් එම ආයතනය ඉදිරිපිට ඊයේ (24) දැවැන්ත විරෝධතාවයක නිරත වුණා.

මෙම කර්මාන්තශාලාව තුළ රබර් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදුකරන අතර, එම නිෂ්පාදන විදේශීය රටවල්වලට අපනයන කිරීම සිදුකරනු ලබනවා.

මෙම කර්මාන්තශාලාවේ හිමිකාරිත්වය ප්‍රංශ සමාගමක් විසින් දරා ඇති අතර, පසුගියදා එය ඉන්දියානු සමාගමකට විකුණා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කර්මාන්තශාලාවේ සේවකයන් දහසකට වඩා ඉතා දීර්ඝ කාලයක සිට සේවය කරන බවයි වාර්තා වුණේ.

කර්මාන්තශාලාව හිටි හැටියේම වෙනත් සමාගමකට විකිණීම සමඟ එහි සේවය කරන තමන්ගේ රැකියාව අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවයි විරෝධතාවයේ නිරත සේවකයින් සඳහන් කළේ.

ඒ, අනුව මෙම ආයතනය වෙනත් සමාගමට විකිණීම වෙනුවෙන් සාධාරණ මුදලක් පෙර සමාගමට ලබාදෙන ලෙසත්, එසේ නොමැති නම් සේවකයන්ට රැකියාවෙන් ඉවත්වීම සඳහා සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙසත්, එසේත් නැත්නම් විකිණීමට පෙර තිබූ ආයතනයේ සේවය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා එහි සේවකයින් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ විරෝධතාවයේ නිරත සේවකයින් හමුවී පවතින ගැටලු සම්බන්ධයෙන් ඉදිරි දින කීපය තුළ සාකච්ඡාවකට යොමු කිරීමට එකඟතාවයකට පැමිණීමෙන් පසු විරෝධතාවය තාවකාලිකව අත්හිටුවීමට විරෝධතාකරුවන් කටයුතු කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here