මැයි වෙනකන් තෙල් හිඟයක් නැතැයි ලංකා ඛනිජ තෙල් සභාපති ශපථකරයි

0
3

අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඇණවුම් කර ඇති ඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් ඇති නොවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, අදාළ ඉන්ධන ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ලැබීමට නියමිත බවය.

ඒ හේතුවෙන් මැදපෙරදිග ඇතිව තිබෙන ගැටුම්කාරි තත්ත්වය මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නොවනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

“අපි මේක කියන්නේ වගකීමක් සහිතව. ඒ නිසා පෝළීම්වල ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අද (01) තෙල් බෙදාහරින්න නෙවෙයි හිටියේ. ජනතාව තෙල් පරිභෝජනය කරන නිසා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කරන සියලු සේවකයන් අපි සේවයට කැඳෙව්වා. දැන් තෙල් නිකුත් කිරීම ආරම්භ කළා. ඒ වගේම හෙට (02) පෝය දිනයක් වුණත්, ‌තෙල් සැපයුම් කරනවා.

අපි සියලුම පිරවුම්හල්වලට කියලා තියෙනවා බූලිවලට තෙල් සපයන්න එපා කියලා. බූලිවලට තෙල් අරන් ගිහින් අලෙවි කරන්න උත්සහ කළොත්, අපි නීතිය ක්‍රියාත්මක කරනවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here