මැයි දිනයට කළ විනාශයක් !

0
4


ජේ.ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් 1977 ජූලි මාසයේ දී ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව පවත්වන ලද පළමු මැයි දින රැළිය සඳහා ඉන්දියානු ජනප්‍රිය ගායකයන් මෙන්ම මෙරට සංගීතයේ මුදුන් මල්කඩක් ලෙස සැලැකෙන ඩබ්ලිව්.ඩී අමරදේව පවා යොදාගෙන තිබිණි.
එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ පළමු මැයි දිනය 1978 ගාලුමුවදොර පිටියේ දී පවත්වනු ලැබූ අතර, විශාරද ඩබ්ලිව්.ඩී අමරදේවයෝ ‘සරස්වතී අභිනන්දන ශාස්ත්‍රීය ගීතය’ ගායනා කරනු ලැබූහ. එම වේදිකාවේ ලාංකේය ගායක, ගායිකාවෝ සියලු දෙනා එවැනිම සම්භාව්‍ය ගීත ගායනා කළ අතර, ඉන්දියාවේ සිට ගෙන්වන ලද මන්නාඩේ ඇතුළු පිරිසද ශාස්ත්‍රීය ගායනා ඉදිරිපත් කළහ.
එම මැයි රැළියට සහභාගී වූ දසදහස් සංඛ්‍යාත පිරිසක් විසින් භාවනාවකට සමවැදුණු ආකාරයෙන් එම ශාස්ත්‍රීය ගීත කිසිදු කලබලයකින් තොරව ශ්‍රවණය කර තිබිණි.
එවැනි උසස් රසිකත්වයක් තිබූ එක්සත් ජාතික පාක්‍ෂිකයන් පවා මහත් ව්‍යසනයකට ඇදදමන ලද පාලනය මෙරට සමස්ත සමාජයට කෙතරම් විනාශකාරී ප්‍රතිඵල අත් කර දී තිබේ දැයි පහත දැක්වෙන වීඩියෝවේ දෙවැනි භාගයේ තිබෙන සංගීත ප්‍රසංගයෙන් තේරුම්ගත හැකි ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here