මැදපෙරදිග ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමයි! – Saru News | සිංහල

0
3

රැකියා ඇතුළු විවිධ කටයුතු සඳහා මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ශ්‍රී ලාංකික ජනතාවට අනවශ්‍ය ගමන් හෝ ඒකරාශී වීම්වලින් ඉවත්ව තම නිවාස හෝ සේවා ස්ථානවල රැඳී සිටින ලෙසත්, බලධාරීන් විසින් නිකුත් කරන ආරක්ෂක විධිවිධාන ඒ අයුරින්ම පිළිපදින ලෙසත්, නිරන්තර විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් සඳහන් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ,

“මැදපෙරදිග කලාපය තුළ මේ වනවිට ඇතිව තිබෙන හදිසි තත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සියළුම ශ්‍රී ලිංගිකයන් හට අනවශ්‍ය ගමන් හෝ ඒකරාශී වීම්වලින් ඉවත්ව තම නිවාස හෝ සේවා ස්ථානවල රැඳී සිටින ලෙසත්, බලධාරීන් විසින් නිකුත් කරන ආරක්ෂක විධිවිධාන ඒ අයුරින් ම පිළිපදින ලෙසත්, නිරන්තර විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් තානාපති කාර්යාලය කාරුණිකව ඉල්ලා සිටිමු.

තානාපති කාර්යාලය සාමාන්‍ය පරිදි සේවාවත් ලබා දීමට විවෘතව පවතින අතර හදිසි තත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සියළුම ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ඕනෑම ගැටලුවක් පහත විද්‍යුත් තැපෑල සහ WhatsApp දුරකථන අංකය ඔස්සේ තානාපති කාර්යාලයට දැනුම් දිය හැකිය.”

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ක්ෂණික ඇමතුම් අංකයක්ද ලබා දී තිබේ. ඒ අනුව +94719802822 අංකය ලබා දී තිබේ.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here