රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ LNW :
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක සහ අපනයන ක්ෂේත්රයන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.
ගුවන් ගමන් සිය ගණනක් එනම් , ගුවන්ගමන් වාර 768ක් අවලංගු වීම නිසා මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 30% කින් පමණ පහත වැටී ඇති අතර, එය මර්දනය කිරීමට රජය නව සැලසුම් සකස් කරමින් සිටී.
එමෙන්ම, මෙරට මුළු අපනයනවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන මැදපෙරදිග වෙළඳපොළ අහිමි වීමේ අවදානමක් පවතින බව අපනයන සංවර්ධන මණ්ඩලය අනතුරු අඟවයි.
විශේෂයෙන්ම ඉරානයට අපනයනය කරන තේ සඳහා විකල්ප වෙළඳපොළවල් සොයා ගැනීමට බලධාරීන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙමගින් ගෝලීය දේශපාලනික අස්ථාවරත්වය මෙරට ආර්ථික ස්ථාවරත්වයට එල්ල කරන සෘජු බලපෑම මැනවින් පැහැදිලි වේ.
The post මැදපෙරදිග යුධගැටුම් නිසා මෙරට සංචාරකයන්ගේ අඩුවක්.. appeared first on LNW Sinhala.
Saru News
















