මැදපෙරදිග අර්බුදය හමුවේ තත්ත්වය කළමනාකරණයට කමිටු තුනක්!

0
5

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ රට මුහුණ දිය හැකි ආර්ථික අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා කමිටු තුනක් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය.

ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නොකඩවා ජනතාවට ලබාදීම හා එම කාර්යයන් කළමනාකරණය කිරීමට එක් කමිටුවක් ද, රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අදාළ සේවා කළමනාකරණය කිරීම සඳහා තවත් කමිටුවක් ද පත් කර තිබේ.

මේ අතර බලශක්ති අවශ්‍යතාව සපුරාගැනීම සඳහා වන කමිටුවකුත් පත් කිරීමට පියවර ගෙන තිබේ.

”අපේ පාලනයෙන් පිට සිදුවන දේවල් නිසා අපේ ආර්ථිකයටත් බලශක්ති ක්ෂේත්‍රයටත් අභියෝග ගණනාවකට මුහුණ දෙන්න වෙලා. මේක පැයෙන් පැය වෙනස් වෙන තත්ත්වයක්. මේක අපේ පාලනයෙන් පිට වෙන දෙයක් නිසා අපිට විශාල වගකීමක් තියෙනවා මේ චලනයන් හඳුනා ගන්න. ඒ චලනයන් හරහා අපිට වෙන බලපෑම කළමනාකරණය කරන එක තමා අපේ වගකීම. ඒ සඳහා අපි පියවර අරන් තියෙනවා. ඊයේ කැබිනට් එක අනුමත කළා ඒ සඳහා විශේෂ කමිටු තුනක් පත් කරන්න” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

The post මැදපෙරදිග අර්බුදය හමුවේ තත්ත්වය කළමනාකරණයට කමිටු තුනක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here