රෂිකා හෙන්නායක මාර්තු 10 , කොළඹ LNW :
මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර යුධමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආර්ථික බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.
අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කමිටුව හරහා ගෝලීය අර්බුද හමුවේ දේශීය ආර්ථිකය ආරක්ෂා කර ගැනීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව බලශක්ති ආනයනය සහ විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් මැදපෙරදිග කලාපය මත දැඩි ලෙස රඳා පවතින බැවින්, මෙම අවදානම් තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.
පවතින තත්ත්වය නිරන්තරයෙන් විශ්ලේෂණය කරමින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම මෙම කණ්ඩායමේ ප්‍රධාන වගකීමයි. මෙම වැඩපිළිවෙළ මගින් බාහිර ආර්ථික කම්පන හමුවේ රටේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට බලධාරීන් උත්සාහ කරයි.




The post මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට කමිටුවක්! appeared first on LNW Sinhala.
Saru News
















