මැතිවරණයේ අලුත්ම ජය!

0
3


වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රජයේ මූල්‍ය විනය සාධනීය දිසාවකට යොමු කර ඇති බවත්, රජයේ ණය ගැනීම් අවම මට්ටමකට ළඟා වී ඇති බවත් නිල දත්තවලින් අනාවරණය වී තිබේ.

මෙම වසරේ (2025) මුල් මාස 03 තුළ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1,064ක් වී ඇති අතර වියදම රුපියල් බිලියන 1,562කි. මේ අනුව රජයේ ණය ලබා ගැනීම රුපියල් බිලියන 498ක් වී ඇත.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව මෙන් ම, සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීම් කාර්යක්ෂම ලෙස සිදු කිරීම නිසා රජයේ ආදායම් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. එසේ ම, වියදම් අවම කර ගැනීම තුළින් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ආදර්ශ ලබා දීමත් සමස්ත රජයේ වියදම් අවම කර ගැනීමට හේතු වී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here