මැතිවරණ පැමිණිලි 3,900 ඉක්මවයි

0
4


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 3,998ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි ගණන 170ක්. 

එම පැමිණිලි ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව පැමිණිලි 159ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 02ක් සහ වෙනත් පැමිණිලි 09ක් යටතේයි. 

මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලිවලින් විසඳා ඇති පැමිණිලි ගණන 3,362ක්. 

සෙසු පැමිණිලි 636 සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here