මැතිවරණ නීනි උල්ලංඝණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

0
11


අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 10ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. 

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන්වලට අදාළව එම පැමිණිලි 10 ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

එම පැමිණිලිවලට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. 

මාර්තු මස 03වනදා සිට මේ දක්වා මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පොලිසිය වෙත ලැබී ඇති පැමිණිලි ගණන 138ක්. 

අපරාධමය පැමිණිලි 26ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන්වලට අදාළව පැමිණිලි 112ක් එලෙස ලැබී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here