මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පොලිසියට ලැබෙන පැමිණිලි ඉහළට – අපේක්ෂකයින් 15 අත්අඩංගුවට

0
11


ඊයේ (13) පෙරවරු 6.00 සිට අද (14) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 05ක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඒක්‌ අපේක්ෂකයෙක් සහ ආධාරකරුවන් 05ක් එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පසුගිය මාර්තු 03 වනදා සිට අද (14) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණයයට අදාළ සමස්ත පැමිණිලි 159ක් පොලිසියට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අපරාධමය පැමිණිලි 32ක් ලැබී තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ එම කාලසීමාව තුළ අපේක්ෂකයින් 15ක් සහ අධාරකරුවන් 52ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම රථවාහන 12ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here