මැතිවරණ කොමිසමේ ලියුම් හුටපටය පත්තු වෙයි! මුලින් කිව්වා ලියුමක් යැව්වේ නෑ කියලා! දැන් සභාපතිම කියනවා ජනාධිපති ලේකම්වරයාට ලියුමක් යැව්වා කියලා! අනුර කියපු කතාවෙන් ඡන්ද නීති උල්ලංඝනය වෙලාලු! Sri Lanka Latest News

0
7


ජාතික ජන බලවේගය පිහිටවන පළාත් පාලන ආයතන වලට අත දිග හැර මුදල් දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන රැස්වීම් දෙකකදී කරන ලද ප්‍රකාශයෙන් යම් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest News

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමු කළ බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමපනතේ 92සී( අනිසි බලපෑම්) සහ 82 ඩී ( උපරිම වාසි පොරොන්දු දීමනා) වගන්තිවල පැහැදිලිව නීති උල්ලංඝනයක් වන බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා කන්තලේ සහ මන්නාරමේ පැවති දේශපාලන රැස්වීම් අමතමින් ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here