මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW:

මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව ජනවාරි 31 වන සෙනසුරාදා MCA සහ DS සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ දී අවසන් වූ 06 වන MCA මාස්ටර්ස් “සික්සස්” 2026 තරගාවලියේ අවසන් මහා තරගයේදී 42 හැවිරිදි නුවන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් සම්පත් බැංකුව දිදුලන මැලිබන් බිස්කට් කුසලානය දිනා ගත්තේය.
ඒ ඒ ක්‍රීඩාංගනවලදි පැවති තරගවල තරග ප්‍රතිපල සාරංශයක් ලෙස පහත දක්වා ඇත.

MCA පිටියේදී – ලීග් අදියර / කාණ්ඩ දෙකකදී, තරඟ 07.

හේලීස් කණ්ඩායම 68/5 (5) නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 54/3 (5) පරාජය කළේය; සම්පත් බැංකුව 62/2 (4.1) ජෝන් කීල්ස් කණ්ඩායම 61/2 (5) පරාජය කළේය; ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම 74/1 (4.5) නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 73/3 (5) පරාජය කළේය; HNB 59/1 (4.3) ජෝන් කීල්ස් කණ්ඩායම 58/2 (5) ලෙස පරාජය කළේය; හේලීස් කණ්ඩායම 65/3 (5) ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම 46/6 (5) ලෙස පරාජය කළේය; සම්පත් බැංකුව 78/1 (5) HNB 56/0 (5) ලෙස පරාජය කළේය; අවසන් පූර්ව වටය – සම්පත් බැංකුව 53/0 (4) හේලීස් කණ්ඩායම 49/5 (5) ලෙස පරාජය කළේය

DSS පිටියේදී – ලීග් අදියර / කාණ්ඩ දෙකකදි, තරඟ 07

මැලිබන් බිස්කට් 62/0 (3) අමානා තකාෆුල් 61/2 (5) ලෙස පරාජය කළේය; ඩේවිඩ් පීරිස් කණ්ඩායම 37/1 (2.5) ෆියුචර් ලයිෆ් 36/4 (5) ලෙස පරාජය කළේය; ඩේවිඩ් පීරිස් කණ්ඩායම 79/1 (5) කොළඹ ඩොක්යාර්ඩ් 54/3 (5) ලෙස පරාජය කළේය; අමානා තකාෆුල් 61/2 (5) කොමර්ෂල් බැංකුව 57/3 (5) ලෙස පරාජය කළේය; ෆියුචර් ලයිෆ් 63/2 (2.4) කොළඹ ඩොක්යාඩ් 59/5 (5) පරාජය කරන ලදී; අර්ධ අවසන් – මැලිබන් බිස්කට් 60/0 (4.5) ඩේවිඩ් පීරිස් 57/4 (5) පරාජය කළේය.

තරගාවලියේ අවසන් තරගය MCA පිටියේදී පැවති අතර එහි ලකුණු සටහනේ සාරංශය පහත දැක්වේ.
සම්පත් බැංකුව – 69/2 (5) (ශාන්ත කලවිටගොඩ නොදැවී 34, නුවන් පෙරේරා 18, මලින්ද විජයකුමාර 1ට 5)
මැලිබන් බිස්කට් – 63/3 (5) (චාමර රත්නායක නොදැවී 36, නිලූක පීරිස් තරිඳු රන්දිම 1/8 සුබෝධ ජයවර්ධන 1/8 1/12)
විශේෂ සම්මාන
හොඳම පන්දු යවන්නා – ෆියුචර් ලයිෆ් හී බුද්ධික තන්තිරිගේ.
අවසන් මහා තරගයේ හොඳම පිතිකරුවා සහ වීරයා – සම්පත් බැංකුවේ ශාන්ත කලවිටගොඩ

තරඟාවලියේ වැඩිම හයේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයා – ඩේවිඩ් පීරිස් කණ්ඩායමේ මංජුල බණ්ඩාර

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here