මාස්ක් භාවිතය නිසා ඔබේ මුහුණ ඇතිවන ආසාදන හා කුරුලෑ අඩු කරන ප්‍රතිකාර.

0
11


මේ දවස් වල ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු දේ සහ ඔබ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු දෙයක් තම මුඛ ආවරණ ,එහෙමත් නැත්තම් Mask එකක් කියන්නේ.ඉතින් මේ මාස්ක් එක පළඳින ගොඩක් දෙනාට තියන ගැටලුවක් තමයි මුහුණේ අධික ලෙස කුරුලෑ සහ බිබිලි ඇතිවීම.මේ ලිපියෙන් ඒ ගැන කතා කරන්න අපි හිතුවා.

මේ වනවිට වෙළඳපලේ විවිධ මාස්ක් වර්ග තියනවා.ඒ නිසා සමෙහි විවිධ ආසාත්මිකතා තියන අයට මේ මාස්ක් හේතුවෙන් අහිතකර බලපෑම් ඇතිවන්නට තියන හැකියාව වැඩියි.

මාස්ක් එක දිගු වේලාවක් පැළඳ සිටින විට ඒ අවට ප්‍රදේශයේ එකම තැන කුණු දූවිලි බොහෝ වේලාවක් රැඳී තිබෙනවා.ඒ වගේම ඔබ අනිවාර්යයෙන්ම ඔබ භාවිතා කරන මාස්ක් වර්ගය අනුව එය නිසි වෙලාවට භාවිතයෙන් ඉවත් කිරීමටත් සැලකිලිමත් වෙන්න ඕනේ.අපද්‍රව්‍ය කුණු දුවිලි රැඳුණු මාස්ක් එකක් ඔබේ ශරීරයට අහිතකරයි වගේම මුහුණේ මෙවැනි ආසාත්මිකතා ඇතිවීමටත් ලොකු හේතුවක්

මාස්ක් එක පැළඳ සිටියත් ඔබට කතා කිරීම සහ හුස්ම ගැනීම නතර කරන්නට බැහැ.මෙහිදි ඔබේ මුඛයෙන් සහ නාසයෙන් පිටවන වාතය ඔබේ මාස්ක් එක පුරා රැඳෙනවා.ඔබේ ශරීරයට උෂ්ණාධික නම් , ඔබට විදුරුමස් රෝගයක් හෝ මුඛයේ වෙනත් ආසාත්මිකතා ඇත්නම් ඔබේ මුඛයෙන් පිටවන වාතය එතරම් හොඳ නෑ.ඉතින් මේ වගේ දේවල් ඔබේ මාස්ක් එකේ රැඳී තිබීම නිසාත් මාස්ක් එක මුහුණේ ගෑවෙන ප්‍රදේශ වල කුරුලෑ සහ බිබිලි හට ගන්න පුලුවන්

ඔබ මාස්ක් එකක් පළඳින්න කලින් අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.ඉහත සඳහන් කලා වගේ ඔබේ සමට ගැලපෙන අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත මාස්ක් එකක් වගේම ඉතා පිරිසිදු මාස්ක් එකක් පැළඳීමටත් ඔබ වග බලාගන්න ඕනේ

මාස්ක් එකක් පළඳින්න කලින් ඔබ අනුගමනය කරන්න ඕනෙ අනෙක් පියවර තමයි පිරිසිදු මාස්ක් එකක් වගේම ඔබේ මුහුණත් පිරිසිදු කරගන්න එක.ෆේස් වොශ් එකක් ආධාරයෙන් මුහුණ හොඳින් පිරිසිදු කර ,පුලුන් කැබැල්ලකට ටෝනර් ටිකක් ගෙන මුහුණ හොඳින් පිස දමන්න අමතක කරන්න එපා

ඔබේ සම ලෙහෙසියෙන්ම ආසාත්මිකතා වලට ලක්වෙන සමක් බව ඔබ දැනටමත් දන්නවා නම් ඒ සඳහාත් ඔබට විසඳුමක් තියනවා.මේ වනවිට එවැනි සමෙහි ආසාත්මිකතා සඳහා භාවිතා කල හැකි ඖෂධීය ආලේපන වර්ග ඔබට ෆාමසි වලින් ලබා ගන්නට පුලුවන් .වෛද්‍ය නිර්දේශය මත එවැනි ආලේපනයක් මිළදීගෙන භාවිතා කලොත් මේ ප්‍රශ්නයට ඔබට විසඳුම් ලැබේවි

මේ පියවර ඔබ අනුගමනය කරන්න කලින් ඔබේ සමේ ස්වභාවය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ.ඒ වගේම ඔබ භාවිතා කරන නිශ්පාදන වල ගුණාත්මක භාවයත් සලකා බැලීම අතිශය වැදගත්.ආසාත්මිකතා ඇති නොවෙන සමක් සහිත අයට sun cream එකක් හෝ තමන්ගේ සමට ගැලපෙන moisturiser එකක් භාවිතා කරන්න පුලුවන්

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”beauty”]

මාස්ක් එක නිසා ඔබේ මුහුණේ කුරුලෑ සහ බිබිලි ඇති වෙලා නම් , ඔබ නිවසින් පිටතට ගොස් නැවත පැමිනි වහාම මාස්ක් එක ඉවත් කර මුහුණ හොඳින් පිරිසිදු කරගන්නට ඕනේ.මෙය ෆේස් වොශ් එකක් හෝ ක්ලෙන්සර් එකක් මගින් ඔබට කරන්නට පුලුවන් .නමුත් මතක තියා ගන්න ඔබට ඔබේ මුහුණ ස්ක්‍රබ් කරන්න බෑ.කුරුලෑ නිසා මුහුණ තුවාල වෙන්නට ඉඩකඩ තිබීම එයට හේතුවයි.ඉන්පසුව ටෝනර් එකක් ගල්වන්නත් අමතක කරන්න එපා.ඉන්පසුව ඔබේ මුහුණ පිරිසිදු වාතයට නිරාවරණය වන ලෙස සැහැල්ලුවෙන් තබා ගැනීමත් වැදගත්

මෙයත් ඉතා වැදගත් පියවරක්.ඔබ නිවසින් පිටතට ගිහින් ආවට පසුව ක්ලෙන්සර් එකක් මගින් මුහුණ හොඳින් පිරිසිදු කර හුමාලය ඇල්ලීම කරන්න පුලුවන් . මෙහිදි ඔබේ මුහුණේ ඇති විෂබීජ සියල්ල ඉවත් වීමක් සිදු වෙනවා.

ඔබට පිපිඤ්ඤා , කෝමාරිකා හෝ කහ දොඩම් මගින් වුවත් මුහුණ ක්ලෙන්සර් කරගන්න මෙහිදි හැකියාව තියෙනවා

අධික කුරුලෑ තත්වයක් ඔබේ මුහුණෙ ඇත්නම් ඔබට මී පැණි සහ දෙහි ස්වල්පයක් මගින් ක්ලෙන්සර් කරන්න පුලුවන්

හුමාලය ඇල්ලීමෙන් පසුව අනිවාර්යයෙන්ම ඔබේ මුහුණ ටෝනර් කරන්න අමතක කරන්න එපා

අලිගැටපේර ,දෙහි , කස්තුරි කහ

අලිගැටපේර , මී කිරි , කස්තුරි කහ සහ දෙහි

මෙ අතරින් ඔබ කැමති ෆේස් පැක් එකක් මුහුණේ ගල්වා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.පසුව ටෝනර් ආලේප කරන්න

මින්චි කොල සමග දෙහි

රටකජු සමග දෙහි

වෙනිවැල්ගැට කුඩු සමග දෙහි

මෙ අතරින් ඔබ කැමති ෆේස් පැක් එකක් මුහුණේ ගල්වා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.පසුව ටෝනර් ආලේප කරන්න

ඉතින් මාස්ක් එක නිසා ඇතිවන කුරුලෑ සහ බිබිලි ගැන ඔබට තවත් වද වෙන්නට අවශ්‍ය නෑ.මේ ලිපිය කියවූ ඔබට ඒ ගැටලුවට විසඳුම් ලැබේවි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here