සටහන – රුවන් නෙළුගොල්ල
ගත වූ මාස හතරයි දින දහයක කාලය තුළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැවැන්ත වැඩ කොටසක් සිදුකළ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
“පහුගිය මාස 4යි දින 10කට ලංකාවේ අපි දැවැන්ත වැඩ කොටසක් කළා. අපි එනකොට රුපියල 300යි, 350යි, 400යි උඩට උඩට ගියා. අපි ඉස්සෙලාම කළේ රුපියල ශක්තිමත් කරන්න වැඩ කළා. සංචාරකයො ටිකක් ගෙනාවා, සල්ලි ටිකක් ආවා. පිටරට ඉන්න මිනිස්සුන්ට කිව්වා සල්ලි ටිකක් එවන්න කියලා, එව්වා. වංචාව, හොරකම, දූෂණය, නාස්ති කළා, ඒවාට විශාල මුදල් ප්‍රමාණයක් ගියා, වංචාව නතර කරලා සල්ලි ඉතිරි වෙනවා. සංචාරකයො ඇවිල්ලා සල්ලි ඉතිරි වෙනවා, පිටරට මිනිස්සු එවලා සල්ලි ඉතිරි වෙනවා, ආයෝජකයො ගෙනල්ලා සල්ලි ඉතිරි වෙනවා, ඒ සියල්ලත් එක්ක අපේ ඩොලරය ශක්තිමත් වුණා. දෙවැනි එක, භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන් 20ක් තිබුණෙ නෑ, දැන් තියෙනවා ඩොලර් මිලියන 6190ක්. මාස තුන හතරකට භාණ්ඩ ගේන්න ලංකාවට ඇති. දැන් ඔයාලා දන්නවා මේ වෙනකොට ලෝකයේ තරු හතේ හෝටල් තියෙන්නෙ හතයි. තරු හතේ හෝටල් ලෝකෙටම තියෙන්නෙ හතයි. ලෝකයේ මහා දියුණු රටවල් තියෙනවා. හැබැයි තරු හතේ හෝටල් ලෝකයේ තියෙන්නෙ හතයි. අටවෙනි හෝටලය හදනවා ලංකාවේ. අටවෙනි තරු හතේ හෝටලය හදනවා තෙල්දෙණිය උඩිස්පත්තුව කියන ගම්මානයේ”
නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඊයේ (03) පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.
Saru FM Media