වෙනත් දේශපාලන පක්ෂවලින් පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින ඕනෑම සභිකයෙකුට ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහය දීමට හැකියාව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
රණවිරුවන්ට විරුවන් ලෙස පැවසීමට සිය පක්ෂය තුළින් කිසිදු බාධාවක් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා එම සංවාදයේදී වැඩිදුරටත් සඳහන් කළේ.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.
Saru FM Media