මාලිමා මැතිඇමැතිවරුත් ආ ජනාධිපති කාර්යාලයේ වෙසක් අසිරිය! PHOTOS I Sri Lanka Latest News

0
5


කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන “වෙසක් බැති ගී සරණිය” ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (12) සවස 6.30ට ආරම්භ විය.Sri Lanka Latest News

ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භක්ති ගීත කණ්ඩායම් සහ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම භක්ති ගීත වැඩසටහන ඉදිරි මැයි 13, 14 සහ 15 යන දිනයන්හිද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ඊයේ පැවති සමාරම්භක අවස්ථාවට අමාත්‍ය කුමාර ජයකොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග වීරරත්න, හර්ෂණ සුරියප්පෙරුම යන මහත්වරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරු එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සලද ඊයේ ජනාධිපති කාර්යාලය අසලදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ඊට එක්ව සිටි අතර බත් දන්සල අද (13) දිනයේද පැවැත්වෙයි.

එමෙන්ම වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් කෙටි ආහාර දන්සලක්ද ඊයේ (12) ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරුණු අතර එය මැයි 16 වන දා දක්වා පැවැත්වේ.

එසේම ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපය සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෙසක් වැඩසටහන් රැසක් ඒ අවට සංවිධානය කර තිබු අතර ලේකම් කාර්යාලය හා අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-05-13



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here