මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව හිටපු නියෝජ්‍ය කථානායක අජිත්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

0
9

හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ විසින් ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට එරෙහිව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ පසුගියදා පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තමන් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයක් යැයි පවසමින් වංචා සහගත ලෙස මුදල් චෙක්පත් ලබා ගෙන ඇති බවට කළ ප්‍රකාශයට එරෙහිවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කථානායක අජිත් රාජපක්ෂ මහතා,

“මගේ නම, මගේ තනතුර, පෙර දරපු තනතුරු උපයෝගී කරගෙන මට ඉතාමත් අපහාසාත්මක වන විදිහට දිට්වා සුළි කුණාටුවෙන් සහනාධාර දෙන චෙක්පතක් මට නිකුත් කරලා කියලා මට දැඩි ලෙස අපහාසවන විදිහට සංවර්ධන කමිටුවේ සභාපති ශාන්ත පද්මකුමාර දැඩි ලෙස චෝදනා කරලා තියෙනවා. ශාන්ත පද්මකුමාරගේ හැසිරීම මොකක්ද කියලා රටම දන්නවා.. මම කිසි දෙයක් දන්නේ නැති, මම අහලාවත් නැති, මම දැන් ජීවත් වෙන්නේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. මම දන්න විදිහට දිට්වා සුළි කුණාටුවෙන් කාටවත් හානියක් වුනෙත් නෑ, එහෙම තොරතුරක් මට වාර්තා වුනෙත් නෑ. ඉතිං දිට්වා සුළි කුණාටුවෙන් මට සත පහක අලාභයක් වෙලාත් නෑ. ඒ නිසා මම කාගෙන්වත් සහනාධාර ඉල්ලන්න එහෙම නැත්නම් වෙනත් දේවල් ඉල්ලන්න ගිහිල්ලාත් නෑ. ඒ නිසා මට දැඩි ලෙස අපහාස කරලා තියෙනවා ඒ නිසා මම මේකට නීත්‍යානුකූලව පියවර ගන්නවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here