මාලිමා ජනාධිපති ඇවිත් දැන් මාස 7ක්! දීපු පොරොන්දු කීයක් ඉටු කරලා තියෙනවාද? කිව්වෙත් බොරු.. කළෙත් බොරු..! දැන් බොරුව ගමටත් ගෙනියන්න ගමේ බලයත් ඉල්ලනවා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

0
9


මෙරට ජනතාව මේ වන විට තුන්වැනි මැතිවරණයට මුහුණ දෙන බවත් දැන් ගමේ ජන්දය පැමිණි අවස්ථාවේ මහමැතිවරණයේදී හා ජනාධිපතිවරණයේ දී මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ රජය අද වන විට වුණ පොරොන්දුවලින් කොපමණ ප්‍රමාණයක් ඉටු වෙලා ද කියා සොයා බැලිය යුතු බවත් ආණ්ඩුව දුන් මැතිවරණ පොරොන්දු ඉටු කිරීම කෙසේ වෙතත් අද වන විට රටම මිනිමරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් නිවසට පැමිණ ඝාතනය කරන තැනට රට වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කුඩුවලට කප්පම්වලට මැරකමට මිනීමරන බවත් අද වන විට ජන සමාජයම මැරයන්ගේ ග්‍රහණයට නතුව රජයට පාලනය කරගත නොහැකි වුවත් රජය කයිවාරු ගගා බොරු කියමින් ජනතාව රවටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

අද වන විට මිලේච්ඡත්වය හා මිනිමරුවන් රජවීම ජාතික ආරක්සාවට තර්ජනයක් නොවන බවට ආණ්ඩුව කියන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු රජයට අද නීතියේ ආධිපත්‍යය රැකගන්න නොහැකි වී ඇති බවත් මේ වන විට ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න වී ඇත්තේ රජයට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේක නෙවෙයි system change එක

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස මෙය නොවන නිසා මේ මිනිමැරීමේ සංස්කෘතියට තිත තැබිය යුතු බවත් පළාත පාලන ආයතන හරහා සිවිල් ආරක්ෂක කමිටු ගම්වල ඇති කර ඒවාට පොලිසිය සම්බන්ධ කර නීතිය හා සාමය සුරක්ෂා කළ හැකි බවත් සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ වන්නේ එය බවත් ජනාධිපතිවරයාට හෝ ඇමතිවරයාට පමණක් නීතිය හා සාමයේ වගකීම නොමැති බවත් පළාත් පාලන ආයතනවලට⁣ද ඒ වගකීම ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය මැතිවරණ දෙකේම ජය ගත්තේ බොරුවයි මුසාවයි මුලාවයි

මේ රජය පසුගිය මැතිවරණ දෙකම ජයගත්තේ බොරුවෙන් මුසාවෙන් රැවටිල්ලෙන් ඇන්දවිල්ලෙන් බවත් රැකියා විරහිත උපාධිධාරීන්ට පළමු අයවැයෙන් රැකියා දෙනවා කිව්වත් එයද නොවු බවත් පොහොර සහානාධාරය හා ගුණාත්මක පොහොර නොලැබීම බඩු මිල විදුලි බිල ඉන්ධන මිල වැට් බදුු සෙසු බදු ආදිය අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් හැම දෙයක්ම බොරු පොරොන්දු කඩවුණු පොරොන්දු වී ඇති බවත් බොරුවෙන් රැවටිල්ලෙන් ඇන්දවිල්ලෙන් ජනතාව නැවත වරක් රවටන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ගාව බොරු පොරොන්දු දේශපාලනය නැහැ

ජනාධිපතිවරයා අනුගමනය කරන බොරු පොරොන්දු පච දේශපාලනය අනුගමනය කර මැතිවරණ ජය ගන්න සමගි ජන බලවේගය සූදානම් නැති බවත් මේ වන විට මාලිමාවේ බලය නැති ආයතනවලට මුදල් නොදෙන බවට ජනාධිපතිවරයා කියන බවත් රටේම ජනාධිපතිවරයා දැන් පක්ෂග්‍රාහී වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට වැඩක් කරන්න බලය ඔිනි නැ

වැඩක් කරන්න බලය ඔිනැය කියා ජනාධිපතිවරයා සිතනවා නම් එය සමගි ජන බලවේගයට අදාළ නොවන බවත් බලය නැතිව වැඩ කළ හැටි සමගි ජන බලවේගය විපක්ෂයේ සිට පෙන්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here