මානුෂීය ආධාර රැගත් මෙරට පළමු ගුවන් යානය හෙට මියන්මාරයට

0
15


භූකම්පනයෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් මෙරට පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බලා පිටත්ව යෑමට නියමිතයි.

විපතට පත් ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක් සහ වෛද්‍ය කණ්ඩායමක් ද මෙම යානයෙන් මියන්මාරය බලා පිටව යන බවයි වාර්තා වුණේ.

එමෙන්ම ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් රැස් කරගන්නා ලද මානුෂීය ආධාර ද මෙම ගුවන් යානයෙන් රැගෙන යෑමට නියමිතව තිබෙනවා.

පසුගිය සිකුරාදා මියන්මරයේ සිදු වූ භූකම්පනයෙන් පසු එරටට සහාය සැලසීම වෙනුවෙන් රටවල් රැසක් ඉදිරිපත් වූ අතර, ඉන්දියාව, තායිලන්තය සහ චීනයේ මුදවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් එම මෙහෙයුම් කටයුතුවල නිරත වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here