මාතර බන්ධනාගාරයේ තත්වය යළිත් උණුසුම්. STF කැඳවයි

0
12


මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (අප්‍රේල් 22) පස්වරුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වය ඊයේ රාත්‍රිය වනවිට යළි උත්සන්න වී තිබේ.

ඒ අනුව කඳුළු ගෑස් ප්‍රහාරයක් ද පොලීසිය විසින් එල්ල කර ඇති අතර තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පොලීසිය ඊයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට කටයුතු කර තිබිණි.

ඊයේ සවස මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු වෙනත් වෙනත් බන්ධනාගාරයකට රැගෙන යාමට යාමේදී මෙම තත්වය උද්ගතව තිබුණු අතර එහිදී වාට්ටුවකින් පිටතට පැමිණි රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුකාරී ලෙස හැසිරී තිබිණි. එම තත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩිතැබීමක් ද සිදුකර තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here