ම්ලේච්ඡ මැර ප්‍රහාර හමුවේ ජනතාවගේ ජනතාවගේ ශක්තිය ඔප්පු කර වසර 3යි

0
4


රාජපක්ෂලාගේ පාතාල මැර කණ්ඩායම් සහ එවකට හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිරිසකගේ මූලිකත්වයෙන් ඒ වනවිට ගෝල්ෆේස් පිටියේ පවත්වා ගෙන ගිය සාමකාමී විරෝධතාවයට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කර අදට වසර 03ක් සම්පූර්ණ වේ.

සමාජ මාධ්‍යවලින් මෙන් ම, සජීවී රූපවාහිනී විකාශනවලින් ද එම ම්ලේච්ඡ ප්‍රහාරය දුටු ජනතාව නිවට ආකාරයෙන් නොසිට, ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීය. වැඩපොලවල්වල සිටි කම්කරුවන්ගේ සිට හෙදියන් වෛද්‍යවරුන් දක්වා විවිධ වෘත්තිකයින් පවා ගෝල්ෆේස් පිටියට වහාම දිව ගොස් රාජපක්ෂ මැර පාතාල සාමාජිකයන් පලවා හරිනු ලැබීය.

එම මැරයන් හට ජනතාවගේ විරෝධය එල් නොවූයේ නම් රාජපක්ෂ ත්‍රාඩ කල්ලි මුළු රටේ ම ගම්බිම් යටත් කර ගෙන සිටිනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී තිබිණි. එම මහජන විරෝධය හමුවේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී රාජපක්ෂ පවුලේ ඇද වැටීම ආරම්භ විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here