මහින්දානන්දගේ බාල පොහොර නඩුව ජුනි 19 තෙක් කල් තැබෙයි

0
3


ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ලබන මස 19 දින දක්වා කල් තැබීම සිදු කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, එදිනට එම නඩුව නැවත කැඳවීමට නියමිතව ඇති බැවින් එම ඉල්ලීම ලබන 19 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය එම විමර්ශන කොමිසමට දැනුම් දුන් බවයි.

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (14) අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් යොමු කර තිබූ අතර එය සලකා බැලීම මහේස්ත්‍රාත්වරිය ලබන 19 දින දක්වා දක්වා කල් තබා තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here